/
/
title icon SHADES හිමිකරුගේ ඝාතනය ගැන තොරතුරු රැසක් හෙළිවෙයි – කාඩ්පතෙන් ලක්ෂ අටකුත් ඇදලා.
SHADES හිමිකරුගේ ඝාතනය ගැන තොරතුරු රැසක් හෙළිවෙයි – කාඩ්පතෙන් ලක්ෂ අටකුත් ඇදලා.
Editor
1 year ago
Share:
SHADES හිමිකරුගේ ඝාතනය ගැන තොරතුරු රැසක් හෙළිවෙයි – කාඩ්පතෙන් ලක්ෂ අටකුත් ඇදලා.

පැලවත්ත නිවසක නාන තටාකයේ තිබී සොයාගත් නිමි ඇදුම් ව්‍යාපාරිකයාගේ මරණය සිදු වූ ආකාරය සම්බන්ධයෙන් මේ වනවිට වැදගත් තොරතුරු රැසක් අනාවරණ කරගෙන තිබෙනවා. මෙම සිද්ධියේ 27 හැවිරිදි ප‍්‍රධාන සැකකරු සහ 23 හැවිරිදි බිරිඳ ඊයේ අත්අඩංගුවට ගත් අතර ප‍්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ මෙම ඝාතනය ඔහු විසින් සිදු කර ඇති බවටයි.

සමාජ මාධ්‍ය මිතුරු ජාලයක් හරහා තමන් අදාළ ව්‍යාපාරිකයා හදුනාගත් බවත්, පළමුවරට එම ව්‍යාපාරිකයා හමුවුයේ පසුගිය 30 වනදා බවත් සැකකරු පොලිසියට සඳහන් කර තිබෙනවා.

පළමුව වෙනත් ස්ථානයකදී ව්‍යාපාරිකයා හමුවීමට කතිකා කර ගත්තද පසුව පැලවත්ත ප‍්‍රදේශයේ නිවස වෙත පැමිණීමටයි තීරණය කර ඇත්තේ. ඒ අනුව ව්‍යාපාරිකයාගේ මෝටර් රථයෙන් ඔහු එම නිවසට ගොස් ඇති අතර එහිදී සැකකරු ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලා ඇති බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා. ව්‍යාපාරිකයා එහිදී සඳහන් කර ඇත්තේ, තමන් සතුව එතරම් මුදලක් මෙම අවස්ථාවේ නොමැති බවයි.

මුදල් ලබා නොදීම හමුවේ යම් මතභේදාත්මක තත්වයක් හටගෙන ඇති බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා. කෙසේවෙතත් එහිදී ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් සැකකරු ව්‍යාපාරිකයාට මුගුරකින් පහර දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ව්‍යාපාරිකයා මියයාමෙන් අනතුරුව සැකකරු ඔහුගේ බැංකු කාඞ්පත් සහ මුදල් පසුම්බිය රැගෙන ව්‍යාපාරිකයාගේ මෝටර් රථයෙන්ම නිවසෙන් පිටව ගොස් තිබෙනවා. එලෙස පිටව ගොස් ව්‍යාපාරිකයාගේ බැංකු කාඞ්පත භාවිත කර ඉන්දුනිසියාව වෙත යාමට ගුවන් ටිකට් පත් දෙකක් මිලදී ගෙන ඇති අතර ගුවන් තොටුපළට ගොස් ආපසු පැමිණ ඇත්තේ එම අවස්ථාවේදීම වීසා ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන්.

කෙසේ වෙතත් ආපසු පැමිණ මොවුන් නිවසක් ලබා ගැනීමට ව්‍යාපාරිකයාගේ බැංකු කාඩ්පතින් රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් ද ඇතුළු තවත් රුපියල් ලක්ෂ 8ක පමණ මුදලක් ලබාගෙන ඇති බව කොළඹ අපරාධ කොට්ඨාස සිදු කළ විමර්ශන වලදී හෙළිව තිබෙනවා.

බත්තරමුල්ල, පැලවත්ත ප‍්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින නිවසක පිහිනුම් තටාකයේ තිබී එහි හිමිකරු වන අදාළ නිමි ඇදුම් ව්‍යාපාරිකයාගේ මළ සිරුර සොයාගනු ලැබුවේ පසුගිය 02 වනදායි. 49 හැවිරිදි මෙම ව්‍යාපාරිකයා වැල්ලම්පිටිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අත්අඩංගුවට ගත් සැකකරු සහ ඔහුගේ බිරිඳ අද කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required