/
/
title icon ලාෆ්ස් ගෑස් මිලත් ඉහළට.
ලාෆ්ස් ගෑස් මිලත් ඉහළට.
Editor
1 year ago
Share:
ලාෆ්ස් ගෑස් මිලත් ඉහළට.

ලිට්රෝ ගෑස් මිල ගණන් ඊයේ දිනයේදී ඉහළ නැංවීමට පියවර ගැනීමත් සමඟ ලාෆ්ස් ගෑස් මිලද ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝග‍්‍රෑම් 12.5 හේ ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200 කින් ඉහළ දමා ඇති අතර, ඒ අනුව එහි නව මිල සටහන් වන්නේ රුපියල් 5,280 ක් ලෙසයි.

කිලෝග‍්‍රෑම් පහේ ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80 කින් ඉහළ ගොස් ඇති අතර, එහි නව මිල රුපියල් 2,112 ක් ලෙස දැක්වුණා.

ඊට අමතරව කිලෝග‍්‍රෑම් දෙකේ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 32 කින් ඉහළ ගොස් ඇති අතර, එහි නව මිල සටහන් වූයේ 845 ක් ලෙසයි. මෙම මිල සංශෝධනය අද මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මකයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required