English English සිංහල සිංහල தமிழ் தமிழ்

රාජ්‍ය සහ පෞද්ගලික සේවකයන්ට ජනපතිගේ රාජාසන කතාවේදී බලාපොරොත්තුවක්.

Facebook
Twitter
LinkedIn

අනතුරුදායක වැල් පාලමෙන් සෑහෙන දුරක් ආරක්ෂිතව ශ‍්‍රී ලංකා මාතාව රැගෙන ඒමට මේ වනවිට හැකිවී ඇති බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රකාශ කළා.

ඒ, 9 වන පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය ආරම්භ කිරීමෙන් පසු ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඉදිරිපත් කරමින්.

70% ක්ව පැවති උද්ධමනය ජනවාරි මාසයේ 54% ක් දක්වා පහත වැටී ඇති බව එහිදී ජනාධිපතිවරයා කියා සිටියා.

එමෙන්ම, මේ වසර අවසන් වනවිට ආර්ථික තත්ත්වය ධනාත්මක මට්ටමකට ගෙන ඒමේ හැකියාවක් ඇති බවට තමන් විශ්වාස කරන බවයි ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ සඳහන් කළේ. දැනට ක්‍රියාත්මක බදු ප‍්‍රතිපත්ති ඇතුළු රජයේ වියදම් සීමා කිරීමේ ක්‍රියාමාර්ග සාර්ථක කර ගැනීමට හැකිවුවහොත් 03 වන සහ 4 වන කාර්තු අවසන් වනවිට රාජ්‍ය සේවකයින්ට දීමනාවක් සහ පෞද්ගලික අංශයට සහන ලබාදීමට හැකිවනු ඇති බවද ජනාධිපතිවරයා එහිදී කියා සිිටියා.

9 වන පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය ජනාධිපති රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් අද උත්සවාකාරයෙන් විවෘත කෙරුණා. එහෙත් නව සභා වාරය විවෘත කිරීමේ අවස්ථාව චාම් උත්සවයක් ලෙස පැවැත්වීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත කටයුතු යොදා තිබුණේ.

ඒ අනුව ත‍්‍රිවිධ හමුදා උත්තමාචාර, ආචාර වෙඩිමුර සහ රථ පෙළපාලි පැවැත්වුණේ නැහැ.

මෙම අවස්ථාවට විදේශ රාජ්‍ය තාන්ත‍්‍රිකයින්, හිටපු ජනාධිපතිවරුන් , අගවිනිසුරුවරයා, නීතිපතිවරයා, ආරක්ෂක ලේකම් මෙන්ම ත‍්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා ඇතුළු ආරාධිත අමුත්තන්ද එක්ව සිටිනවා. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව වාරඅවසාන කරනු ලැබුවේ පසුගිය ජනවාරි මස 27 වනදායි.

කෙසේ වෙතත් අද පැවැත්වෙන නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය සඳහා සහභාගි නොවන බව සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක ප‍්‍රකාශ කළා.

ඩලස් පිලේ මන්ත‍්‍රීවරුන් ද සැසිවාරය වර්ජනය කිරීමට තීරණය කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් කියා සිටියේ.

මේ අතර නිදහස් ජනතා සන්ධානයේ මන්ත‍්‍රීවරුන් අද දිනයේ පාර්ලිමේන්තුවට පැමිණ පසුව ජනාධිපතිවරයා රාජසන කථාව සිදුකරන අවස්ථාවේ එය වර්ජනය කිරීමට තීරණය කර තිබුණා.

කෙසේ වෙතත්, දෙමළ ජාතික සන්ධානය අද පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වී සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000