English English සිංහල සිංහල தமிழ் தமிழ்

වෛද්‍යවරුන් අද වර්ජනයේ – වෘත්තිය සමිති රැසක් විරෝධතාවයේ.

Facebook
Twitter
LinkedIn

රජය විසින් පනවා ඇති නව බදු වලට විරෝධය පළ කරමින් අද උදෑසන 8 සිට හෙට උදෑසන 8 දක්වා පැය විසි හතරක සංකේත වර්ජනයක් සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.

කෙසේ වෙතත්, වෛද්‍යවරුන් ආරම්භ කරන වෘත්තිය ක‍්‍රියාමාර්ගයට තම සහය ලබා නොදෙන බවයි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කියා සිටියේ.

එමෙන්ම, බදු ප‍්‍රතිපත්තියට සහ සේවකයන්ට මෙතෙක් නොගෙවූ හිඟ දීමනා ලබාදීමට බල කරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති අද අසනීප නිවාඩු වාර්තා කර විරෝධතාවල නිරත වන බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් කියා සිටියා.

මේ අතර බදු ප‍්‍රතිපත්තියට එරෙහිව වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුවද අද පස්වරු දෙකට කොළඹ හයිඩ් පිටිය කේන්ද්‍ර කරගනිමින් විරෝධතාවක් සංවිධාන කර තිබෙනවා.

කෙසේ වෙතත්, මූල්‍ය ප‍්‍රතිපත්ති දෙපාර්තමේන්තවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කපිල සේනානායක ප‍්‍රකාශ කළේ පවතින ආර්ථික තත්වයෙන් රට ගොඩනැගීමට කෙටි කාලීන ක‍්‍රමෝපායක් වශයෙන් පුද්ගල ආදායම් මත බදු පැනවීම සිදුකළ බවයි. මෙම නව බදු ක‍්‍රමය ආසියාතික රටවලට සාපේක්ෂව ශ‍්‍රී ලංකාවේ ඉතා අඩු ප‍්‍රතිශතයක් බවත් ඔහු කියා සිටියා. ඒ, උපයන විට අයකරන නව බදු ප‍්‍රතිපත්තිය පිළිබඳව වෘත්තිය සමිති නායකයන් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් දැනුවත් කිරීමට මුදල් අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ පැවති රැස්වීමකදියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000