English English සිංහල සිංහල தமிழ் தமிழ்

විදුලි ගාස්තු වැඩි නොකරන්නැයි මහජන උපදේශනයේදී පාර්ශව රැසකින් ඉල්ලීම්.

Facebook
Twitter
LinkedIn

විදුලි ගාස්තු ඉහල නොදමන්නැයි පාර්ශව රැසක් මහජන උපයෝගිතා කොමිසමට කරුණු ඉදිරිපත් කර තිබෙනවා. ඒ, යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ ඊයේ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණශාලා පරිශ‍්‍රයේ පැවති මහජන උපදේශනයේදී අදහස් දක්වමින්. එහිදී වානිජ මණ්ඩල සාමාජිකයින්, කර්මාන්ත ආයතන නියෝජනය කරන සමාගම්, සමාජ ක්‍රියාකාරීන්, දේශපාලන නියෝජිතයින් ඇතුළු සියළු දෙනා විදුලි ගාස්තු නැවත ඉහල දැමීමට විරුද්ධව අදහස් පළ කර තිබෙනවා.

මෙම අදහස් සමාලෝචනය කිරීමෙන් අනතුරුව කොමිසමේ තීරණය ප‍්‍රකාශයට පත් කරන බවයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක කියා සිටියේ.

මේ අතර, උසස් පෙළ විභාග පැවැත්වෙන කාලසීමාවේ විදුලිය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මහජන උපයෝගීතා කොමිසම ගොනුකළ පෙත්සම අද යළි සළකා බැලීමට නියමිතයි.

පසුගියදා මෙම පෙත්සම අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේ විදුලිබල මණ්ඩලය ඉල්ලා සිටියේ මෙම පෙත්සම ගොනු කිරීමට සහ පවත්වාගෙන යාමට කොමිසමේ සාමාජිකයින් බලය පැවරූ ලේඛන අධිකරණය හමුවට කැඳවන ලෙසයි. එම ලේඛන ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බව පෙත්සම්කාර පාර්ශවයෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළා.

එමෙන්ම උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු වගඋත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙස කෙරුණු ඉල්ලීමක් පසුගිය 03 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය ප‍්‍රතික්ෂේප කළා. උසස් පෙළ විභාගය පවත්වන කාල සීමාව තුළ විදුලිය කප්පාදු කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසයි ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඉදිරිපත් කළ පෙත්සමෙන් ඉල්ලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000