English English සිංහල සිංහල தமிழ் தமிழ்

බුලතේ වගතුග.

Facebook
Twitter
LinkedIn

රොබට් නොක්ස් සිංහල ජනතාවගේ බුලත් කෑම පිළිබඳ දක්වාලූයේ “අන් සෑම දෙයකටම වඩා ඔවූහු බුලත් හැපීමට ආශා ඇත්තෝ ය. නින්දට යන විට බුලත් විටකින් කට පුරවා ගන්නා ඔවූහු අවදි වන විටත් එම හපය සුරැකිව මුව තුළ ඇද්දැයි පරීක්ෂාකාරීව බලති. නොකා නොහැඳ හිටියත් බුලත් විටක් නොකා නම් සිටින්නට නොහැකිය” යනුවෙනි.

බුලත යනු ලාංකීය සමාජයේ මහජන සම්බන්ධතා ගොඩනැංවීමෙහිලා ප්‍රබල සන්නිවේදකයෙකි. තවත් වරෙක සුහදත්වයේ, ගෞරවනීයත්වයේ, පූජනීයත්වයේ, සහයෝගීත්වයේ සලකුණකි. බුලත අප සංස්කෘතියේ සශ්‍රීකත්වය පෙන්වන්නකි මන්ද  එදා අපේ ගම බත බුලතින් සරුසාර ය. බත පමණක් නොව බුලත ද සශ්‍රීකකත්වයේ සංකේතයක් ය. බුලත යනු මිනිසා හා සමාජය පුරාවට බද්ධව නිහඬ සේවයක් සිදුකරලන සංස්කෘතියේ ජිවනාලියක් ය.

මහා සම්මත රජුගේ මැණික්පාල බිසවට ඇති වූ දොළදුක සංසිඳවීමට නා රජුන් බුලත් මිනිස් ලොවට ගෙන ආ බවට ජනප්‍රවාදයේ සඳහන් බුලත් නාග ලොවින් ගෙන ආ බැවින් බුලත් කොළයේ අගිස්සෙහි විෂ ඇතැයි යන විශ්වාසය හේතුකොටගෙන බුලත් කෑමට පෙරාතුව බුලත් කොළයේ අගිස්ස කඩා දමා කෑමට ගැනීම සිදුකරයි. චූලෝදර මහෝදර ගැටුමේ දී එය සමථයට පත්කිරීමට එක් පාර්ශවයකට බුලත් කොළ 20 බැගින් බෙදා දුන් බැවින් බුලත් අතකට කොළ 40  යොදාගන්නා බව ජනප්‍රවාදයේ සඳහන් ය.බුලත් පිරිනැමීමේ දී බුලත් කොළ ප්‍රමාණය ඒ ඒ අවස්ථාව අනුව වෙනස් වන්නකි.

පිළිගන්නා විට බුලත් අත, ගෙදර දී බුලත් හෙප්පුව, ආගමික වැඩකටයුතු වලදී දැහැත්, අවමඟුලක දී ඉලත්තට්ටුව, මඟුලක දී බුලත් තට්ටුව, කටේ දී බුලත් විට, දේවාලයේ දී දළුමුර, ගමනක් යන විට බුලත් මඩිස්සලේ ආදී වශයෙන් බුලත ජනජිවිතයේ විවිධ ප්‍රපංචයන් හා විවිධාකාර අන්දමට විවිධ නමින් බැඳී පවතී. බුලතේ පළමු අස්වැන්නෙන් කොටසක් කැලණි විහාරයට පූජා කිරීම එදා සිට අද දක්වා වූ සිරිතකි. ආයුර්වේදයේ දී වා පිත්,මුඛ රෝග නසයි. ආහාර රුචිය වඩවයි.

බුලත් සමඟ කෑමට ගන්නා හුණු, දුම්කොළ මෙන්ම බුලත්විට බොහෝ වේලාවක් මුඛය තුළ රඳවාගෙන සිටීම පිළිකා සඳහා හේතු සාධක විය හැකිය. බුලත්විට සඳහා දුම්කොළ එකතුව ඇත්තේ ලන්දේසී යුගයේ ය. වර්තමානයේ බුලත් බහුලව  අලෙවිකරණ ක්ෂේත්‍රය, දේශපාලන ක්ෂේත්‍රය තුළ විවිධ ප්‍රස්තුතයන් උදෙසා උපයුක්ත කරගනී. දේශීය පරිභෝජනයට මෙන්ම සුළු අපනයන බෝගයක් වශයෙන් ද බුලත් අපනයනය කරනු ලබයි.

උෂාරා කළුදුර.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000