English English සිංහල සිංහල தமிழ் தமிழ்

පෞරුෂය සඳහා බලපාන උපත් අනුපිළිවෙළ (Birth Order).

Facebook
Twitter
LinkedIn

මිනිසා මිනිසාගෙන් වෙනස් වී පෙනෙන විවිධත්වයෙන් යුත් පැතිකඩක් වන පෞරුෂය මිනිසාගේ චර්යාව සහ චින්තනය තීරණය කරන ඔහුගේ හෝ ඇයගේ මනෝභෞතික පද්ධතීන්ගේ ගතික සංවිධානයකි. එය මිනිසාගේ අනන්‍යතාවය සහ සමස්ත මනෝවිද්‍යාත්මක රටා තීරණය කරන අද්විතීය ලක්ෂණ ඒකාබද්ධ කරන සංවිධානාත්මක හැසිරීමකි. මිනිසාගේ ප්‍රජානන , අභිප්‍රේරණය , චර්යාවන් කෙරෙහි විශාල බලපෑමක් සිදුකරලන පෞරුෂත්වය ගොඩනැංවීම කෙරෙහි විවිධ හේතූ සාධකයන් බලපානු ලබයි. ඒ අතුරින් කෙවින් ලේමාන් (Kevin Leman) උපත් අනුපිළිවෙළ (Birth Order- 1982) නම් ග්‍රන්ථය මඟින් මිනිසාගේ උපත් අනුපිළිවෙළ අනුව පෞරුෂ වර්ග 04 ක් පිළිබඳ සඳහන් කර ඇත.

1.පළමුව උපන් ළමයා (First Born Child)
2.දෙවනියට උපන් ළමයා (Middle Child)
3. බාල ළමයා (Last Born Child)
4. එකම ළමයා ( Only Child )

පළමුව උපන් ළමයා (First Born Child)
දෙමාපියගේ වැඩිම අවධානයට ලක්වන මෙම දරුවන් පවුලේ වැඩිමහල් දරුවා නිසාවෙන් කුඩා වැඩිහිටියන් ලෙසට හැසිරේ. ඔවුන් බොහෝ දුරට නායකයන් වන බවට ලේමන් පවසයි. කාර්යක්ෂම වන මොවුන් සිදුකරන සෑම දෙයක් ම ඉතා හොඳින් සිදුකරයි. වැඩිහිටියන්ගේ හිත් දිනා ගැනීමට සමත්කම් දක්වන අතර වැරදි පියවර ගැනීමට බිය වේ.ප්‍රවේශම්සහගත ය. පරීක්ෂාකාරී ය. හෘදසාක්ෂියට අනුව කටයුතු කරයි. ඉලක්ක තැබීමට ප්‍රිය කරයි.

දෙවනියට උපන් ළමයා (Middle Child)
දෙමාපියන් විසින් වැඩිමහල් සහෝදරයාට හෝ බාල සහෝදරයාට විශේෂත්වයක් කරමින් තමන් ව නොසලකා හරිනු ඇතැයි යන හැඟීමක් ඇතිවේ. එබැවින් මොවුන් තරමක් කැරලිකාර , ගුප්ත ආකාරයේ පෞරුෂයක් හිමි වේ. ඔහු හෝ ඇය සාමය ඇති කරන්නෙකි. විශේෂයෙන් ම වැඩිමහල් සහෝදරයාට හා බාල සහෝදරයා අතර සාමය ගෙනෙන සාම දූතයා ය. මිනිසුන් සතුටු කිරීමට උත්සුක වන්නෙකි. මිත්‍ර සබඳතාවල දී ඉතා ශක්තිමත් ය. සමාජීය වශයෙන් කටයුතු කරයි. අවංක හා ඉතා හොඳ සවන්දෙන්නෙක් ය.

බාල ළමයා (Last Born Child)
පවුලේ බාලම තැනැත්තා නිසාවෙන් දෙමාපියන්ගේ ලිහිල් බව නිසාවෙන් ඔහු හෝ ඇය නිදහස් මානසිකත්වයකින් යුක්ත ය. විනෝදකාමී ය. තමන්ගේ වාසියට කටයුතු කරන ආත්මාර්ථකාමී ගතිලක්ෂණ ඇත. සමාජශිලී හා මිත්‍රශීලී ඔවුන් මූල්‍යමය වශයෙන් වගකීම් විරහිත ය. අවධානය සොයන්නෙකි.

එකම ළමයා ( Only Child )
පවුලේ එකම ළමයා නිසාවෙන් ඒකාධිකාරීත්වයක් රඳවා ගැනීමට උත්සුක වේ. කිසිඳු තරඟකාරීත්වක් නොමැති නිසා දෙමාපියන්ගේ අවධානය සම්බන්ධයෙන් ඒකාධිකාරීත්වය ද දරයි. නායකයන් බවට පත් වේ. කාර්යක්ෂම ය. හෘදසාක්ෂියට අනුව කටයුතු කරයි. වගකීම් සහගත ය. පරිපූර්ණතාවාදියෙකි.

කෙසේ වෙතත්  ලේමාන්ගේ  උපත් අනුපිළිවෙළ  පමණක් නොව ඔවුන්ගේ හැසිරීමට බලපෑම් කළ හැකි විචල්‍යයන් ගණනාවක් දක්නට ඇත්තේ ය.

උෂාරා කළුදුර .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000