English English සිංහල සිංහල தமிழ் தமிழ்

ව්‍යවසායකයකුගේ ගමන්මඟ.

Facebook
Twitter
LinkedIn

සන්නිවේදන තාක්ෂණය හීයක් බඳු වේගයකින් ගමන්  අතර අන්තර්ජාලය හරහා සිදු කෙරෙන සන්නිවේදනය සමාජ හා පුද්ගල ජීවිත වල ඇති කරන වෙනස සුළුපටු නොවේ.

නව මාධ්‍ය අඩු විහිදාගත් බූවල්ල්ලෙකු මෙන් මුළු ලෝකයම එකම විශ්ව ගම්මානයක් බවට පරිවර්තනය කර ඇත.ශිෂ්ටාචාරයේ දියුණුව පිණිස මානවයා නිර්මාණය කළ අග්‍රගන්‍ය මෙවලම් වූ නව මාධ්‍යයන් ලෝකයේ සන්නිවේදන විප්ලවයේ සංකේතයන් බඳුය.

අද වන විට බිහිව ඇති ජංගම දුරකථන, අන්තර්ජාලය ඇතුළු නව මාධ්‍ය තාක්ෂණයේ දියුණුවට සමගාමීව සංවර්ධනය වූ අනෙක් ක්ෂේත‍්‍රය වූයේ වාණිජ්‍ය කේෂේත‍්‍රයයි. වර්තමාන ලෝකය සන්නිවේදන තාක්ෂණය අතින් මෙන්ම වාණිජමය වශයෙන් ද ඉතාමත් දියුණු තලයක පසුවන්නේය. ඒ අතර නව ව්‍යවසායකත්වයට නව මාධ්‍ය තුළ තිබෙන්නේ අනර්ඝ ස්ථානයකි.

දිනෙන් දින සංවර්ධනය  වන නව මාධ්‍ය හරහා නව ව්‍යවසායකත්ව අවස්ථා රැසකට ඉඩ ප්‍රස්ථාව සැලසී ඇත. ඒ තුළින් බොහෝ ව්‍යවසායකයින් තම සාර්ථකත්වය කරා අඩිතාලමද සකසාගෙන තිබේ.

තාක්ෂණය කර පින්නා ගත්  නව මාධ්‍ය තුළින් සාර්ථකත්වය හඹායන නව ව්‍යවසායකයන් සඳහා අවස්ථා රැසක් ලබා දී ඇත.

ව්‍යවසායකයා

ව්‍යවසායකයයා යනු ව්‍යවසායකත්ව ක්‍රියාවලියේ නිරත වී සිටින්නාය.

ව්‍යවසායකයකු සතු සුවිශේෂී  ගුණාංග නම්
උත්සහය
මුලිකත්වය ගැනීමට ඇති කැමැත්ත සහ කැමැත්ත,
තරඟකාරිත්වය
ස්වයං විශ්වාසය,
දැඩි අවශ්යතාවක් සපුරා ගැනීම,
ආත්ම විශ්වාසය,
යහපත් ශාරීරික සෞඛ්යය

දැක්ම – ව්යවසායකත්වයේ වඩාත් දැඩි අර්ථකථන අංගයක් ලෙස දැක්විය හැකිය. යමක් ආරම්භ කරන විට අවසාන ඉලක්කය දැන ගැනීමට උපකාරී වේ. ඉලක්කය වෙත ඉදිරියට ගෙන යන දර්ශනය ද එයයි.

සුභවාදී බව – ව්‍යවසායකයකු  හොඳ ප්රතිපලයක් විශ්වාස නොකරන්නේ නම් ඕනෑම දෙයකට සාර්ථක වීමට අපහසුය. ව්යවසායකයින් සිහින දකින අතර ඔවුන්ගේ ඒවා පසුපස හබා යයි.

ආත්ම විශ්වාසය – ව්‍යවසායකයින් කිසි විටෙක ස්වයං සැකයක් නොතිබිය යුතු යයි පැවසීමට නොව, එය ජය ගත හැකි අතර ඔවුන්ගේ ඉලක්කය අත් කර ගත හැකි යයි විශ්වාස කරති.

සම්පත් සහ ගැටළු නිරාකරණය

සාර්ථක ව්‍යවසායකුගේ ලක්ෂණ

*අවදානමට මුහුණ දීමේ හැකියාව.
ව්‍යවසායකයකු  සිය ක්‍රියාදාමය තුළ මුහුණ දෙන බරපතළම කාරණය වන්නේ අවදානම් බාර ගැනීමයි. ඒ මන්ද යත් ව්‍යාපාරය සිදු කරන පරිසරය නිරන්තරයෙන් වෙනස්කම්වලට භාජනය වේ.

එයින් අදහස් කෙරෙන්නේ සබැවින්ම අදාළ භාණ්ඩ හෝ සේවා පාරිභෝගිකයා විසින් ප්‍රතික්ෂේප කරන්නේ නම් එහිදී සිදුවන ක්‍රියාවලිය යි.එම අවදානම භාර ගැනීම අනිවාර්යයෙන්ම සිදු කරන අතර බුද්ධිමත්ව වසයි කියා වෙනස් මුහුණුවරක් ඔස්සේ සිය භාණ්ඩ හා සේවා පාරිභෝගික ලෝකයාට හඳුන්වා දීම සිදු කරයි.

*දැඩි කැපවීම හා අධිෂ්ඨානය.
ව්‍යාපාරය  ව්‍යවසායකයාතම ජීවිතය ම කොටසකි.පසුතැවිලි වලින් තොරව ධනාත්මක චින්තනය ඔස්සේ ම ව්‍යාපාරයට කැපවීම ඔහු තුළ නිරන්තරයෙන් පවතී.
ව්‍යවසායකයකු වීම සඳහා තමන්ගේම ව්‍යාපාරයක් අවශ්‍ය නොවේ. තමා රැකියාව කරන ආයතනයේ ම දැඩි අධිෂ්ඨානයෙන් හා කැපවීමෙන්
ව්‍යවසායකයකු  වීමට ඉඩ ප්‍රස්ථාව තිබේ.

*නිවැරදි ඉලක්කයක් හා නිවැරදි දැක්මක් පැවතීම.

*නිරතුරුවම ලාභය පමණක්ම නොව සමාජ ප්‍රශ්න වලට ද උත්තර සොයන්නකු වීම.
ව්‍යවසායකයාගේ අරමුණ ධනය උපයා ගැනීමම පමණක් නොවේ. ඔවුහු සමාජ සුභසාධන සේවා සඳහා ද දායක වන්නෙක් වේ.

*ව්‍යාපාරික අවස්ථා පිළිබඳ නිරන්තරයෙන් අවධානයෙන් සිටීම.

ව්‍යවසායකය තම හැකියාවන්ට හා සම්පත් වලට ගැලපෙන අයුරින් නව අවස්ථා පිළිබඳව නිරතුරුව අවබෝධයෙන් හා අවධානයෙන් සිටී.

හදුනා ගත් අවස්ථාවන් වලදී ඉතා කඩිනමින් ‍ ව්‍යාපාරික ප්‍රතිචාර දැක්වීමට ඔහු සූදානම්.

*නායකත්වය.
සාර්ථක ව්‍යවසායකයෙකු තුළ හොඳ නායකත්ව ලක්ෂණ තිබිය යුතුය. ඒ සඳහා නිවැරදි සන්නිවේදන කුසලතා තිබිය යුතුය.

තම කණ්ඩායමේ සෙසු පිරිස මෙහෙයවා ගනිමින් තම අරමුණු කරා ගමන් කිරීමට ඔහු නිරතුරුවම උත්සාහ ගනී.

තම කණ්ඩායමේ පිරිසට නිදහසේ තීරණ ගැනීමට අවශ්‍ය පසුබිම සපයමින් බාහිර සමාජය සමඟ ද හොඳ සම්බන්ධතා ජාලයක් නඩත්තු කරගෙන යයි.

ජයග්‍රහණයන් ලැබූ පසු ග්‍රහණයන් ගේ ප්‍රතිඵලද කණ්ඩායම සමග බෙදා ගැනීමට උත්සාහ ගනී.

මීට අමතරව තවත්  සාර්ථක ව්‍යවසායකයකු ලක්ෂණ නම්,
*නව නිෂ්පාදන හා සේවා සඳහා සමාජයේ තිබෙන ඉඩකඩ හඳුනාගැනීම.

*ව්‍යාපාරික සමාජය තුළ ගොඩනැගෙන නව අවශ්‍යතා හඳුනාගැනීම.

*නව නිෂ්පාදන හෝ සේවාවන් සමාජගත කිරීමේදී ඒ තුළ අන්තර්ගත විය යුතු නිර්මාණාත්මක බව හඳුනාගැනීම.

*නව භාණ්ඩ හෝ සේවා සමාජගත කිරීමේ දී එය අලෙවි කරණය කර ගැනීම පිළිබඳ පවතින අවදානම හඳුනාගැනීම.

*නව භාණ්ඩ හෝ සේවා සමාජගත කිරීමේ දී එමඟින් ලාභ ඉපයීමේ හැකියාව පිළිබඳ පවතින අවදානම හඳුනාගැනීම.

මේ ආකාරයට ව්‍යවසායකයා පිළිබඳ නිවැරැදි අවබෝධයක් ලබා ගත හැකිය.

චලනි යාපාබණ්ඩාර.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000