/
/
title icon විදුලි ගාස්තු පෙත්සම් විභාගයට ගන්නවාද, නැද්ද ? තීන්දුව 17 වනදා.
විදුලි ගාස්තු පෙත්සම් විභාගයට ගන්නවාද, නැද්ද ? තීන්දුව 17 වනදා.
Editor
1 year ago
Share:
විදුලි ගාස්තු පෙත්සම් විභාගයට ගන්නවාද, නැද්ද ?  තීන්දුව 17 වනදා.

විදුලි ගාස්තු සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද නැද්ද යන තීරණය ලබන 17 වනදා ප‍්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නිවේදනය කළා.

අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුණේ විදුලි පාරිභෝගික සංගමය සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින්.

එය අද කැඳවනු ලැබුවේ සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදියි.

එහිදී විදුලිබල මණ්ඩලය ඇතුළු වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විදුලි ගාස්තු සංශෝධනයට අදාළ අමාත්‍ය මණ්ඩල යෝජනා අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. එම කරුණු සළකා බැලූ අභියාචනාධිකරණය අදාළ පෙත්සම විභාගයට ගැනීම සඳහා අවසර දෙන්නේද නැද්ද යන තීරණය ලබන 17 වනදා ප‍්‍රකශයට පත් කරන බව දැනුම් දුන්නා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required