
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත‍්‍රිකා අඩංගු රක්ෂිත ඇසුරුම් බෙදාහැරීම් අනිද්දා සිට ආරම්භ කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ ප‍්‍රකාශ කළා.
ලබන 22, 23 සහ 24 යන දිනවලදී පළාත්පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය ප‍්‍රකාශ කිරීම සිදු කෙරෙන අතර, එම දිනවලදී ඡන්දය ප‍්‍රකාශ කිරීමට නොහැකි වන අයට දිස්ත‍්‍රික් තේරීම් භාර නිලධාරී ඉදිරියේ තැපැල් ඡන්දය ලකුණු කිරීමට හැකියාව පවතිනවා.
එමෙන්ම ඉදිරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කළ තැපැල් ඡන්ද අයදුම්පත‍්‍රවලින් 36,000 ක් විවිධ දෝෂ හේතුවෙන් ප‍්‍රතික්ෂේප වී තිබෙනවා.