
දරු ප‍්‍රසූතිය සිදු කළ මව්වරුන්ට රුධිරය වහනය වීම වැලැක්වීමට ලබා දෙන ට‍්‍රැනෙක්සිමික් ඇසිඩ් ඖෂධය මෙන්ම රක්ත හීනතාවයෙන් පෙළෙන මව්වරුන්ට ලබා දෙන යකඩ අඩංගු ඖෂධය ද මේ වනවිට මෙරට රෝහල්වල නොමැති තත්වයක් උද්ගතව පවතිනවා. කොළඹ ප‍්‍රධාන මාතෘ රෝහල්වල පවා එය නොමැති බවයි අප කළ සොයා බැලීමක දී අනාවරණ වුණේ.
මේ අතර, රට තුළ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 50ක පමණ උග‍්‍ර හිගයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අළුත්ගේ සඳහන් කළා.
ඖෂධ හිඟයට අමතරව වෛද්‍ය උපකරණ හිඟය හමුවේ ශල්‍යකර්ම සඳහා ද බලපෑම් එල්ල වී තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ, වෛද්‍ය උපදෙස් මත රජයේ රෝහල් වල කල් දැමිය හැකි සැත්කම් කෙටි කාලයකට කල් දැමීමට තීරණය කළ බවයි.
කෙසේ වෙතත්, හදිසි සැත්කම් කිසිදු ප‍්‍රමාදයකින් තොරව සිදු කරන බව ඔහු සඳහන් කළා. කෙසේ වෙතත් ඖෂධ හිඟය හමුවේ පෞද්ගලික ඔසු සැල්වල ඖෂධ මිලද ඉහළ ගොස් ඇති බවටයි ජනතාව චෝදනා කරන්නේ.
මේ අතර, අත්‍යවශ්‍යය ඖෂධ මිලදී ගැනීම සඳහා ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ යෝජනාවට ඊයේ කැබිනට් අනුමැතිය හිමවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී විශ‍්‍රාමික රජයේ සේවකයන් 18,000 කට අධික පිරිසකට හිඟ පාරිතෝෂික ගෙවීම් සිදුකිරීමට සහ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙලටද මෙහිදී අනුමැතිය හිමිව ඇති බව සඳහන්.