English English සිංහල සිංහල தமிழ் தமிழ்

මව්වරුන්ට දෙන ඖෂධත් හිඟ වෙයි.

Facebook
Twitter
LinkedIn

දරු ප‍්‍රසූතිය සිදු කළ මව්වරුන්ට රුධිරය වහනය වීම වැලැක්වීමට ලබා දෙන ට‍්‍රැනෙක්සිමික් ඇසිඩ් ඖෂධය මෙන්ම රක්ත හීනතාවයෙන් පෙළෙන මව්වරුන්ට ලබා දෙන යකඩ අඩංගු ඖෂධය ද මේ වනවිට මෙරට රෝහල්වල නොමැති තත්වයක් උද්ගතව පවතිනවා. කොළඹ ප‍්‍රධාන මාතෘ රෝහල්වල පවා එය නොමැති බවයි අප කළ සොයා බැලීමක දී අනාවරණ වුණේ.

මේ අතර, රට තුළ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 50ක පමණ උග‍්‍ර හිගයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අළුත්ගේ සඳහන් කළා.

ඖෂධ හිඟයට අමතරව වෛද්‍ය උපකරණ හිඟය හමුවේ ශල්‍යකර්ම සඳහා ද බලපෑම් එල්ල වී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ, වෛද්‍ය උපදෙස් මත රජයේ රෝහල් වල කල් දැමිය හැකි සැත්කම් කෙටි කාලයකට කල් දැමීමට තීරණය කළ බවයි.

කෙසේ වෙතත්, හදිසි සැත්කම් කිසිදු ප‍්‍රමාදයකින් තොරව සිදු කරන බව ඔහු සඳහන් කළා. කෙසේ වෙතත් ඖෂධ හිඟය හමුවේ පෞද්ගලික ඔසු සැල්වල ඖෂධ මිලද ඉහළ ගොස් ඇති බවටයි ජනතාව චෝදනා කරන්නේ.

මේ අතර, අත්‍යවශ්‍යය ඖෂධ මිලදී ගැනීම සඳහා ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ යෝජනාවට ඊයේ කැබිනට් අනුමැතිය හිමවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී විශ‍්‍රාමික රජයේ සේවකයන් 18,000 කට අධික පිරිසකට හිඟ පාරිතෝෂික ගෙවීම් සිදුකිරීමට සහ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙලටද මෙහිදී අනුමැතිය හිමිව ඇති බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000