English English සිංහල සිංහල தமிழ் தமிழ்

ෂාෆ්ටර්ගේ සිරුරු කොටස් සුරක්ෂිතව තබාගන්නැයි රස පරීක්ෂකට නියෝග.

Facebook
Twitter
LinkedIn

කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ ශරීර කොටස් විමර්ශන කටයුතු සඳහා ලබාගෙන තිබේ නම්, ඒවා සුරක්ෂිතව තබා ගැනීමට පියවර ගන්නා ලෙස කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය, රජයේ රස පරීක්ෂකවරයාට හා කොළඹ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට ඊයේ නියෝග කළා. දිනේෂ් ෂාෆ්ටර්ගේ පවුලේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනූජ පේ‍්‍රමරත්න කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් රජින්ද්‍රා ජයසූරිය විසින් මෙම නියෝග නිකුත් කළේ.

එහිදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා, දිනේෂ් ෂාෆ්ටර් රෝහලට ඇතුළත් කළ අවස්ථාවේදී ඔහු සම්බන්ධයෙන් ස්කෑන් පරීක්ෂණ දෙකක් ඇතුළු ප‍්‍රතිකාර කටයුතු සිදු කර ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කළා.

එම ප‍්‍රතිකාරවලට සම්බන්ධ සියළු වාර්තා අධිකරණය හමුවට කැඳවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළ බවයි අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

එම ඉල්ලීම පිළිගත් අතිරේක මහේස්ත‍්‍රාත්වරිය, මියගිය දිනේෂ් ශාෆ්ටර් සම්බන්ධයෙන් සිදුකළ ප‍්‍රතිකාරවලට අදාල ලේඛන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත නියෝගයක්ද නිකුත් කරනු ලැබුවා.

මේ අතර තවත් ඉල්ලීමක් ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥවරයා, දිනේෂ් ෂාෆ්ටර්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ අවස්ථාවේදී සහ ඊට පෙරත් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරියෙකු සහ බොරැල්ල පොලිසියේ අපරාධ ස්ථාන නිරීක්ෂණ නිලධාරීන් විසින් ඡායාරූප ලබාගෙන ඇති බව සඳහන් කළා.

එම ඡුායාරූප සංයුක්ත තැටියකට ඇතුළත්කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස එම ආයතන වෙත නියෝග නිකුත් කරන ලෙසද ජනාධිපති නීතිඥවරයා ඊයේ ඉල්ලීමක් කළා. එම ඉල්ලීමද පිළිගත් අතිරේක මහේස්ත‍්‍රාත්වරිය අදාළ ඡායාරූප හෝ වීඩියෝ දර්ශන පවතීනම් ඒවා සංයුක්ත තැටියකට ඇතුළත් කර අධිකරණයට ඉදිරිපත් කරන්නැයි එම ආයතනවලට නියෝග කර සිටියා.

එමෙන්ම විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපරාධය සිදු වූ ස්ථානයේ තිබී ආගන්තුක ජෛව සාම්පලයක් සොයා ගෙන ඇති බවත්, ඒවා එම ස්ථානයට පැමිණි පුද්ගලයින් හා සැසඳේද යන්න පිළිබඳව විමර්ශන සිදුකිරීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා තිබෙනවා.

එම ඉල්ලීම පිළිගත් මහේස්ත‍්‍රාත්වරිය අදාළ ජෛව සාම්පල සහ එම පරීක්ෂණයට භාජනය කිරීමට නියමිත පුද්ගලයින්, රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර විමර්ශන සිදුකිරීම සඳහා අවශ්‍ය නියෝගය නිකුත් කළා.

අනතුරුව මෙම සිද්ධියට අදාළ නඩුව ලබන 17 වනදා යළි කැදවීමටයි කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000