English English සිංහල සිංහල தமிழ் தமிழ்

වැලිපැන්නේ හෙල්මට් ඝාතනය පිටුපස පෙම් හබයක් – මරණයට හේතුව හෘදයාබාධයක්.

Facebook
Twitter
LinkedIn

පාසල් සිසුන් තුන්දෙනෙකු විසින් හෙල්මට්වලින් පහරදීමෙන් පසු ඝාතනයට ලක්වූ 34 හැවිරිදි එක්දරු පියාගේ අවසන් කටයුතු අද සිදුකෙරුණා. ඒ වැලිපැන්න – ගල්මත්ත , කුරුදිප්පිට පොදු සුසාන භූමියේදීයි.

පසුගිය 14 වනදා රාත‍්‍රියේ උපකාරක පන්ති අවසන්ව හෙල්මට් නොමැතිව යතුරුපැදිවලින් ගමන්ගනිමින් සිටි , 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 16 හැවිරිදි සිසුන් තුන්දෙනෙකුට හෙල්මට් පළදින ලෙස ලබාදුන් උපදෙසකට කෝපයට පත් එම සිසුන් අදාළ එක්දරු පියාට පහරදී ඝාතනය කර ඇති බවටයි වාර්තා වුණේ. එදිනම රාත‍්‍රියේ සැකකාර සිසුන් තුන්දෙනා වැලිපැන්න පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැඳවුම් නියෝග මත ලබන 28 වනදා දක්වා මාකොළ ළමා රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තැබීමට පියවර ගැණුනා.

දැනට සිදුකර ඇති පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ ඥාතී දියණියක් සහ සැකකාර සිසුන් තුන්දෙනාගෙන් එක් අයෙකු අතර ප්‍රේම සබඳතාවක් තිබී ඇති බවයි. එම සිසුන් නිරන්තරයෙන් ඇය බැලීම සඳහා ඝාතනයට ලක්වූ පුද්ගලයා පදිංචි ප‍්‍රදේශයට යන බවත්, ඝාතනය සිදුවූ දිනද ඔවුන් උපකාරක පන්ති අවසන්ව එම ප‍්‍රදේශයට ගොස් ඇති බවත් විමර්ශනවලදී හෙළිව තිබෙනවා.

මියගිය පුද්ගලයා එසේ ගොස් ආපසු යමින් සිටි සිසුන් තිදෙනා ලූහුබැඳ පැමිණි බවටද පොලිසියට තොරතුරු අනාවරණ වී තිබෙනවා. මේ අතර මියගිය පුද්ගලයාගේ මරණය හෘදයාබාධයකින් සිදුවූවක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණ වී තිබෙනවා. හෙල්මට්වලින් සිදුවූ පහරදීම් මාරාන්තික නොවන බවයි එහි දක්වා ඇත්තේ.

කෙසේ වෙතත්, මෙම සිද්ධියත් සමඟ අදාළ පාසල් සිසුන්ගේ ඡායාරූප සහ ෆේස්බුක් ගිණුම් සමාජ මාධ්‍යයේ පළකරමින් විවිධ අදහස් දැක්වීම් සිදුකරන ආකාරයක් දක්නට ලැබුණා. එම තත්ත්වය හමුවේ ඔවුන් සම්බන්ධයෙන් සිදුකළ සොයා බැලීමේදී එම සිසුන් තිදෙනාම ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ සේවය කරන වලගෙදර මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන්නන්.

සැකකාර සිසුන් තිදෙනාගෙන් එක් අයෙකුගේ පියා මියගොස් ඇති අතර සෙසු සිසුන් දෙදෙනා දෙමාපියන් සමඟ ජීවත්වන්නන් බව සඳහන්. ඔවුන්ගෙන් එක් අයෙකුගේ දෙමාපියන් ඇදුම් මැසීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන අතර අනෙක් දෙදෙනාගේ මව්පියන් කුලී වැඩකර ජීවත්වන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000