
ආරක්ෂක හේතූන් මත වසා දැමුණු ශ‍්‍රී ලාංකිකයින්ට ඉන්දීය වීසා අයදුම්පත් නිකුත් කිරීමේ කාර්යාලය යළිත් හෙට සිට විවෘත කරන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළා. ඒ අනුව වීසා සහ අනෙකුත් සේවාවන් සඳහා එහි මෙහෙයුම් හෙට සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකයි.
පසුගිය 15 වනදා ආරක්ෂක හේතූන් මත මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින් ශ‍්‍රී ලාංකිකයින්ට වීසා අයදුම්පත් නිකුත් කිරීමේ කාර්යාලය දින නියමයක් නොමැතිව වසා දමනු ලැබුවේ එම කාර්යාලයට නාඳුනන පුද්ගලයෙකු ඇතුළු වූ බව කියන සිද්ධියක් පදනම් කර ගනිමින්.