English English සිංහල සිංහල தமிழ் தமிழ்

බලූ පැටවුන් යට කිරීමේ සිද්ධියට කතක් අල්ලයි.

Facebook
Twitter
LinkedIn

සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දිනවල දැඩි ලෙස කතා බහට ලක්වෙමින් සංසරණය වූ මෝටර් රථයකට සුනඛ පැටවුන් දෙදෙනෙකු යටකිරීමේ සිද්ධියට සම්බන්ධ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ 27 හැවිරිදි මෙම කාන්තාව මතුරට ඇහැලගස්තැන්න ප‍්‍රදේශයේ පදිංචිකාරිණියක බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මතුරට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණේ පසුගිය 18 වනදායි. ඒ අනුව සිදුකළ විමර්ශනයේදී පසුගිය 17 වනදා සවස් කාලයේ පදියපැලැල්ල – රිකිල්ලගස්කඩවල ප‍්‍රධාන මාර්ගයේ කඳුරකඩේ ප‍්‍රදේශයේදී මෝටර් රථයක ඉදිරිපස සහ පිටුපස රෝදවලට මාස 2 ක් පමණ වයසැති සුනඛ පැටවුන් දෙදෙනෙකු යටවන අකාරය අසල නිවසක සවිකර තිබූ සීසීටීවි කැමරා දර්ශන වලින් නිරීක්ෂණය වී තිබුණා.

එම දර්ශන ඔස්සේ සිදුකළ විමර්ෂණයේදී මියගිය සුනඛ පැටවුන් දෙදෙනා යම් පුද්ගලයෙකු විසින් මාර්ගයට ගෙනවිත් දමා ඇති බවත් දින කිහිපයක් ඒ අසල මෙම සතුන් සිටි බවටත් හෙලිව තිබෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවේ සිටින වැඩිහිටි සුනඛයා අසල්වැසි නිවසක පිරිමි සුනඛයෙකු බවටත් එම සතා මෙම පැටවුන්ට ලෙන්ගතුව සිට ඇති බවත් අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළා.

මෙම සුනඛ පැටවුන් යට කරන ලද මෝටර් රථයේ ලියාපදිංචි අංකය ඔස්සේ සිදුකළ විමර්ශනයේදී එම මෝටර් රථයේ හිමිකරු මතුරට ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවත් සුනඛයින් යටකරන අවස්ථාවේ එහි රියදුරු ලෙස මෝටර් රථයේ හිමිකරුගේ වැඩිමහල් සහෝදරයාගේ බිරිඳ සිට ඇති බවටත් අනාවරණය වී තිබෙනවා. අදාළ මෝටර් රථය පැදවූ කාන්තාව පදියපැලැල්ල ප‍්‍රදේශයට ගොස් නැවත රිකිල්ලගස්කඩ ප‍්‍රදේශයේ තම නිවසට යන අතරතුර මෙම ක්‍රියාව සිදුකර ඇති බවයි හෙලි වුණේ.

මතුරට පොලිසිය විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් මෝටර් රථයේ හිමිකරුට දැනුම්දීමෙන් පසු ඊයේ උදෑසන මෝටර් රථය පැදවූ කාන්තාව ඇගේ සැමියා සමග මතුරට පොලිසිය වෙත පැමිණ ඇති අතර ඇයගෙන් ප‍්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව සත්ව හිංසන පනතේ වගන්ති ප‍්‍රකාරව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

සැකකාරිය වලපනේ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව වරද පිලි ගන්නා බවත් කරන ලද වරද පිළිබඳව පසුතැවිලි වන බවත් අධිකරණය වෙත ප‍්‍රකාශ කර තිබෙනවා. පසුව ඇය රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරීමෙන් අනතුරුව නඩුව ජුනි මස 01 වනදා කැදවීමට නියෝග කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000