English English සිංහල සිංහල தமிழ் தமிழ்

රට ගැන විපක්ෂය ඉල්ලූ විවාදයට ආණ්ඩුව බෑ කියයි.

Facebook
Twitter
LinkedIn

රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සමගි ජන සන්ධානය ඉල්ලූ විවාදය ආණ්ඩු පක්ෂය ප‍්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ, ඊයේ කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප‍්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදියි.

එම විවාදය සදහා ඉල්ලිම සිදුකරනු ලැබුවේ විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්ෂමන් කිරිඇල්ල විසින්.

අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයාගේ නියමයන් හෙට විවාදයට ගැනීමටද පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදි තීරණය වි තිබෙනවා.

මේ අතර, මුදල් පිළිබද කාරක සභාව සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට සිය මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුලත් නොකීරීම සම්බන්ධයෙන් උත්තර ලංකා සභාගය විපක්ෂ නායකවරයාට සහ විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායකවරයාට චෝදනා එල්ල කරනු ලැබුවා. ඒ, එම කාරක සභාව සදහා වන විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ නම් කථානායකවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟයි.

මේ අතර, ආණ්ඩු පක්ෂයේ රැස්වීමක් ඊයේ ජනාධීපති රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදි පැවැත්වුණා.

ඊට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් සහභාගි වී ඇති අතර, එහිදි වැඩිදුරටත් සාකච්ජා කර ඇත්තේ අද විවාදයට ගැනීමට නියමිත වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝගයන් සම්බන්ධයෙන්.

මේ අතර, පළාත් පාලන ඡන්ද විමසීම නියමිත දිනට පවත්වන ලෙස ඉල්ලා විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාගර්භය මැදට පැමිණ විරෝධතාවයේ නිරත වීම හේතුවෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30 දක්වා කල් තබනු ලැබුවා.

විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල ඡන්ද විමසීම පිළිබද කථානායකවරයාගෙන් ප‍්‍රශ්න කිරීමත් සමග සභාවේ ඇතිවුයේ සංවදාත්මක තත්ත්වයක්.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු මහලේකම්වරයා අසුන් ගන්නා ස්ථානයට පැමිණ පුවරු ප‍්‍රදර්ශනය කරමින් විරෝධාතාවයේ නිරත වූයේ සභාවේ කටයුතුවලට බාධා එල්ලකරමින්.

එහිදි වාසුදේව නානායක්කාර, විමල් විරවංශ, නලින් බණ්ඩාර, තුෂාර ඉදුනිල් අමරසේන ඇතුළු විපක්ෂයේ මන්ති‍්‍රවරුන් පිරිසක් පාර්ලිමේන්තු සජීවී විකාශයේ කැමරා රූප රාමු වලට හසුවන සේ විරෝධතා පුවරු ප‍්‍රදර්ශනය කරනු දක්නනට ලැබුණා.

මේ අතර ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අළුත්ගමගේ, සාගර කාරියවසම් සහ එස්.බී. දිසානායකද ඡන්ද විමසීම පවත්වන්නැයි ඉල්ලා සටන් පාඨ ඉදිරිපත් කිරිම විශේෂත්වයක්.

කෙසේ වෙතත්, ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක ඇතුළු මන්ත‍්‍රීවරුන් තුන්දෙනා මෙම විරෝධතාව සඳහා එක්ව සිටියේ නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000