
විදුලි ගාස්තු ඉහළ දැමීම, සේවකයින්ගේ දීමනා කප්පාදුව ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ලංකා විදුලි පොදු සේවක සංගමය, තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරින්ගේ සංගමය ඇතුළු විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති 15 ක් අද ලෙඩ නිවාඩු වාර්තා කර, වෘත්තිය ක‍්‍රියාමාර්ගයක නිරත වනවා. ඊට සමගාමීව ඔවුන් මේ වනවිට ලංකා විදුලිබල මණ්ඩලයේ ප‍්‍රධාන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක්ද සිදුකළා.
මේ අතර, ඉන්ධන ලබාගැනීම සඳහා ක‍්‍රියාත්මක කිව්.ආර් ක‍්‍රමය අප්‍රේල් මස 10 වනදා සිට අත්හිටුවීමට කිිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු කියා සිටියේ ඉදිරි මාස කිහිපය තුළ මුදල් අමාත්‍යංශය ඇතුළු අනෙකුත් පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කර එම තීරණය ගන්නා බවයි.