
2023 අයවැයෙන් මැතිවරණ පැවැත්වීම සදහා වෙන් කර ඇති මුදල් ප‍්‍රතිපාදන පළාත් පාලන ඡන්දයට පැවැත්වීමට නිදහස් කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට විපක්ෂ නායකවරයා කළ යෝජනාවට කථානායකවරයා එකඟ වී තිබෙනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂ මන්ත‍්‍රී කණ්ඩායම් ඊයේ කථානායක මහින්ද යාපා අබේවර්ධන හමුවූ අවස්ථාවේදියි.
ඒ අනුව පළාත් පාලන ඡන්දය ඇතුළු කටයුතු සම්බන්ධයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පැවැත්වීමටයි කතානායකවරයා තීරණය කර ඇත්තේ.
කථානායක මහින්ද යාපා අබේවර්ධන ප‍්‍රකාශ කළේ පක්ෂ නායක රැස්වීමේදී ඉදිරි කටයුතු පිළිබඳ තීන්දු කළ හැකි බවයි.
මේ අතර, පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක ඇතුළු එම පක්ෂයේ නියෝජිතයින් පිරිසක්ද ඊයේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණියා.
මේ අතර, පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්විය යුතු බවට ඉන්දියාව හරහා ලක් රජයට බලපෑම් කරන බව ටෙලෝ සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් පවසනවා. වව්නියාවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප‍්‍රකාශ කර තිබුණා.