English English සිංහල සිංහල தமிழ் தமிழ்

වත්කම් බැරකම් ප‍්‍රකාශ දුන් මන්ත්‍රී ලැයිස්තුවේ නාමලේඛණය මුදාහරින්නැයි අභියාචනාධිකරණයෙන්, පාර්ලිමේන්තුවට නියෝග.

Facebook
Twitter
LinkedIn

තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනතේ ප‍්‍රතිපාදන පාරිලිමේන්තු මන්තී‍්‍රවරුන්ට ද අදාළ බවත් වත්කම් හා බැරකම් ප‍්‍රකාශ ඉදිරිපත් කිරීමට ඔවුන් නීතියෙන් බැදී සිටින බව අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා.

වත්කම් හා බැරකම් ප‍්‍රකාශ ඉදිරිපත් කළ මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනයක් මුදාහරින ලෙස තොරතුරු කොමිසම විසින් දුන් තීරණය තහවුරු කරමින් ඊයේ, අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළා. මෙහිදී අභියාචනාධීකරණ විනිසුරු සම්පත් අබේකෝන් සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් යනු ජනතාව විසින් පත් කරන ලද පිරිසක් බවයි.

එම නිසා ඔවුන් විසින් නඩත්තු කරන මන්ත්‍රීවරුන්ද සිය වත්කම් හා බැරකම් ප‍්‍රකාශ ප‍්‍රකාශයට පත් කිරීමට නීතියෙන් බැඳී සිටින බව විනිසුරුවරයා පෙන්වා දුන්නා.

2018 වසරේ ජූලි 21 වනදා මාධ්‍යවේදියෙකු පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් වත්කම් හා බැරකම් ප‍්‍රකාශයට පත් කර ඇති මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනයක් තමන්ට නිකුත් කරන ලෙස ඉල්ලා තිබුණා. එහෙත්, එම ඉල්ලීම පාර්ලිමේන්තු මහලේකම්වරයා ප‍්‍රතික්ෂේප කළ අතර පසුව මාධ්‍යවේදියා මේ සම්බන්ධයෙන් තොරතුරු කොමිසමට පැමිණිල්ලක් ද ඉදිරිපත් කළා.

එය විභාග කිරීමෙන් අනතුරුව තොරතුරු කොමිසම පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරීයාට නියෝග කළේ, පැමිණිලිකරු ඉල්ලා සිටින තොරතුරු මුදාහරින ලෙසයි.

ඒ අනුවයි එම තීරණයට එරෙහිව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා අභියාචනාධිකරණයට මෙම පෙත්සම ගොනුකර තිබුණේ. ඒ අනුව වත්කම් හා බැරකම් ප‍්‍රකාශ මුදාහරින ලෙස තොරතුරු කොමිසම 2021 වසරේ ලබා දුන් නියෝගය තහවුරු කරමින් පාර්ලිමේන්තු මහ ලේකම්ගේ අභියාචනාව ප‍්‍රතික්ශේප කරන බව පෙත්සමේ දක්වා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000