English English සිංහල සිංහල தமிழ் தமிழ்

ඩිජිටල්කරණයට ජනපතිගෙන් උපදෙස්.

Facebook
Twitter
LinkedIn

ආයෝජන තොරතුරු අවශ්‍ය ඕනෑම පාර්ශවයක් වෙත පහසුවෙන් හා කඩිනමින් ලබාගත හැකිවන පරිදි ඩිජිටල්කරණය කිරීමට ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ උපදෙස් ලබාදී තිබෙනවා. මෙරට ආයෝජන අවස්ථා දිරි ගැන්වීම සහ ප‍්‍රවර්ධනය එහි අරමුණ වන අතර ඒ තුළින් නව ආයෝජන අවස්ථා පහසුවෙන් හඳුනාගැනීමට ආයෝජකයින්ට අවස්ථාව උදාවන බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

ආයෝජන ප‍්‍රවර්ධනය සඳහා ඉදිරිපත් කර ඇති 2023 අයවැය යෝජනා ක‍්‍රියාත්මක කිරීම සහ ඉඩම් කාර්යක්ෂමව භාවිතය පිළිබඳ 2023 අයවැය යෝජනා ක‍්‍රියාත්මක කිරීමේ ප‍්‍රගතිය සමාලෝචනය සඳහා ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති සාකච්ඡුාවකදීයී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදීම සිදුකරනු ලැබුවේ.

රජයේ ආයතන හා දෙපාර්තමේන්තු සතුව භාවිතයට නොගෙන පවතින රජය සතු ඉඩම් ප‍්‍රමාණය කඩිනමින් හඳුනා ගැනීම සහ එම හඳුනාගත් ඉඩම් පිළිබඳව තොරතුරු ඇතුළත් දත්ත බැංකුවක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවයද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

හඳුනාගත් ඉඩම් කාර්යක්ෂමව භාවිතා කිරීම සඳහා ආර්ථිකමය වශයෙන් ඵලදායී ක‍්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කිරීමටත්, ඒ සම්බන්ධව අවශ්‍ය තීරණ ගැනීමට කමිටුවක් පත් කිරීමටත් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ උපදෙස් ලබා දී තිබෙනවා.

ගොවිජන සංවර්ධන පනත හා කුඹුරු ඉඩම් පනත වර්තමානයට ගැලපෙන පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළා. ඒ අනුව වගා කළ හැකි කුඹුරු ඉඩම් නැවත වගා කිරීමටත් අනෙකුත් කුඹුරු ඉඩම්වල වෙනත් භෝග වගාකීරීමට හැකි වන පරිදි අදාළ අණ පනත් සංශෝධනය කිරීමේ වැදගත්කමත් ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000