
බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයෙකු වන සසෙක්ස් හී ආදිපාද හැරී කුමරු සහ මේගන් කුමරියට ලන්ඩන් නුවරට බටහිරින් පිහිටි වින්සර් කාසල් හි නිවසෙන් ඉවත්වන ලෙස රාජකීය පවුල දැනුම් දී තිබෙනවා.
ඔවුන්ට මෙම නිවස රාජකීය පවුල විසින් පිරිනමා තිබුණේ ත්‍යාගයක් ලෙසයි.
රජ පවුලට විරුද්ධව කටයුතු කිරීම සහ රජ පවුල විවේචනය කරමින් කෘතියක් එළිදැක්වීමෙන් පසුවයි ඔවුන්ට මෙලෙස වින්සර් කාසල්හි නිවසත් අහිමි වී ඇත්තේ.
එම නිවස කාමර 10කින් සමන්විතයි.
කෙසේ වෙතත්, හැරි සහ මේගන් යුවල මේ වනවිට ඇමරිකාවේ ජීවත් වනවා.