English English සිංහල සිංහල தமிழ் தமிழ்

ලෝක වනජීවී දිනය 2023.

Facebook
Twitter
LinkedIn

අද ලෝක වනජීවී දිනයයි. CITES හෙවත් ලොව වඳවීමේ තර්ජනයට ලක් වූ සත්ත්ව හා ශාක විශේෂ අන්තර්ජාතික වශයෙන් වෙළෙඳාම වැළක්වීමේ අරමුණින් ලෝකයේ රටවල් කිහිපයක් එක්ව පිහිටුවා ගත් මෙම සම්මුතිය 1973 දී අත්සන් තැබීම සිදු වූ අතර 2013 දෙසැම්බර් 20 දින 68 වන සැසිවාරයේ දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ලෝක වනජීවී දිනය ලෙසට මාර්තු 03 නම් කරනු ලැබුවේ උක්ත සිද්ධිය හේතුකොට ගෙන ය. ඒ CITES සම්මුතිය අත්සන් කළ දිනයේ ය

වනජීවී සංරක්ෂණය සඳහා හවුල්කාරීත්වය” යන තේමාව යටතේ මෙවර ලෝක වනජීවී දිනය ගෝලීයව සමරනු ලබයි. තිරසාරත්වය, වනජීවී සහ ජෛව විවිධත්වය සංරක්ෂණයට සැලකිය යුතු දායකත්වයක් ලබාදීමේ වටිනාකම හා වෙනසක් සිදුකර; සොබාදහම වෙනුවෙන් වෙහෙසෙන මිනිසුන්ට ගෞරව කරලීම ද මෙහි අරමුණයි. වනජීවීන් හා වෘක්ෂලතා සුන්දර හා විවිධත්වය සැමරීමට හා ඔවුන්ගේ සංරක්ෂණයෙන් මිනිසාට ලබාදෙන ප්‍රතිලාභ රාශියක් පිළිබඳ දැනුවත් කිරීම මෙහි වැදගත්කමක් වන අතර මිනිසාගේ සියලු මූලික අවශ්‍යතාවයන් සඳහා ජෛව ගෝලයේ රඳා පැවැත්ම අත්‍යාවශ්‍ය වන පසුබිමක ජාතික, ප්‍රාදේශීය මට්ටමින් මෙන්ම සමස්තයක් ලෙස ගෝලීය වශයෙන් විශේෂ පරිසර පද්ධති සංරක්ෂණය කෙරෙහි අවධානය යොමුකිරීම සඳහා ලොව පුරා සෑම රටකම මෙම හවුල්කාරීත්වය කාලීන අවශ්‍යතාවයක් බවට පරිවර්තනය වී ඇත.

ගෝලීය වශයෙන් ජෛව විවිධත්වය වර්තමානයේ අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති පසුබිමක බොහෝ ශාක හා සත්ත්ව විශේෂ වඳ වීමේ තර්ජනයට මුහුණ දී තිබේ. මිනිස් ක්‍රියාකාරකම් නිසා ලොව ජෛව විවිධත්වය මෙලෙස අවදානමකට ගොදුරු වී ඇති අතර ඉදිරි වසර පනහා තුළ සියලු ම ජීවීන්ගෙන් හතරෙන් එකක් පමණ වඳ වීමේ අවදානමකට ලක්ව ඇති අතර, ඔවුන්ගේ අවදානම නිතැතින්ම මිනිසාව ද අවදානමකට ලක්වීමක් ය.

සොබාදහමට ගරු කිරීම හා එහි විවිධත්වය ආරක්ෂා කරමින් වඳ වී යාමේ තර්ජනයන්ට ලක්ව ඇති සියලු වනජීවීන්ගේ ස්වාභාවික වාසස්ථාන සංරක්ෂණය කිරීම හා ආරක්ෂා කරලීම මත ශක්තිමත් සමතුලිත පරිසර පද්ධතියක් ඇති කිරීම ඉතා වැදගත් වන්නකි.
මිහිකත සුන්දරත්වයේ හා අපූර්වත්වයෙන් පිරී තෝතැන්නක් බවට වර්ණ ගන්වන්නේ වනජීවීන් ය. නමුත් ඔවුන්ගේ අයිතීන් හි පරාජය අභියස වුවද ඒ වෙනුවෙන් හඬක් නැඟිය නොහැකි ඔවුන් කෙරෙහි හා ඔවුන්ගේ අයිතීන් සුරක්ෂා කරදීමත් ඔවුන්ට ද එක හා සමාන උරුමකම් ඇති මේ පෘථිවිය ඔවුන්ට ආරක්ෂාකාරී නිවහනක් බවට පත් කරදීම අප සැමගේ වගකීමක් ය. ඒ වෙනුවෙන් ස්වාභාවධර්මය සමඟ අපගේ කටයුතු වෙනස් කිරීමට කාලය උදා වී ඇත.

උෂාරා කළුදුර 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000