English English සිංහල සිංහල தமிழ் தமிழ்

උපයෝගීතා කොමිසමේ ජනක‌ගේ ලිපිගොනු 28 ක් ගැන පරීක්ෂණ.

Facebook
Twitter
LinkedIn

මාර්තු 1 වනදා ක‍්‍රියාත්මක වූ විරෝධතා දිනයේදී ලංකා විදුලිබල මණ්ඩලයේ සේවක පැමිණීම, ඉදිරි ප‍්‍රතිව්‍යුහගතකරණ පිළිවෙල සඳහා නිර්ණායකයක් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ට්විටර් සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ එදින ලංකා විදුලිබල මණ්ඩලයේ සේවක පැමිණීම සියයට 60 ක් පමණ වූ බවයි.

මෙමඟින් ඉදිරි ප‍්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ අඛණ්ඩ සේවාවක් පවත්වාගෙන යාමට අවශ්‍ය සේවක සංඛ්‍යාව පිළිබඳ සළකා බැලිය හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අදාළ ට්විටර් සටහනේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.

එම ට්විටර් පණිවුඩයට සේවක පැමිණීම පිළිබඳ දත්ත සටහනක්ද එක්ක කර ඇති අතර, විරෝධතා දිනයේ වැඩිම පැමිණීමක් වාර්තා වී ඇත්තේ විදුලිබල මණ්ඩලයේ ආයතනික ක‍්‍රමෝපාය අංශයේයි. එය සියයට 67.9 ක්.

අවම පැමිණීමක් සටහන් වී ඇත්තේ සම්ප්‍රේෂණ – රැහැන් සහිත අංශයේ වන අතර, එහි පැමිණීමේ ප‍්‍රතිශතය සියයට 17.4 ක්.

මේ අතර, මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායකගේ කාර්යාලයේ තිබූ ලිපි ගොනු 28 ක් සම්බන්ධයෙන් කොල්ලූපිටිය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයක් අනුව පසුගිය පෙබරවාරි 16 වනදා ඔහුගේ කාර්යාලයට මුද්‍රා තැබුුණේ එහි රාජ්‍ය විරෝධී කටයුත්තක් සිදුවන බවට කොල්ලුපිටිය පොලිසියට ලද තොරතුරකට අනුවයි.

ඒ වනවිට මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා විදේශ ගතව සිටි අතර, පසුගියදා ඔහු දිවයිනට පැමිණීමෙන් පසු කොල්ලුපිටිය පොලිසිය ඔහු සමඟ ගොස් එම කාර්යාලයේ මුද්‍රා ඉවත් කර අදාළ ලිපි ගොනු පොලිස් භාරයට ගනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000