
ආණ්ඩුව වෙනස් කළ හැක්කේ පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ත්‍රිකුණාමලය ගුවන් හමුදා කඳවුරේ අද පැවති ගුවන් හමුදා ශිෂ්‍ය භට නිලධාරීන් පිරිසක් විසිර යාමේ උත්සවයකට එක්වෙමින්. මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ආණ්ඩු වෙනස් කිරීමට වීථි බැසීම විකල්පයක් නොවන බවයි.
මේ අතර, හරිත බලශක්ති ආර්ථිකයක් මගින් ඉදිරි වසර පහ තුළ මෙරට ආර්ථිකය ජාත්‍යන්තර තලයට ඔසවා තැබියි හැකි පදනම නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පොළොන්නරුවේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්.