English English සිංහල සිංහල தமிழ் தமிழ்

නව බදු ප්‍රතිපත්ති ප්‍රමිතීන්වලට අනුකූලයි – IMF.

Facebook
Twitter
LinkedIn

ශ‍්‍රී ලංකාවේ බදු ප‍්‍රතිපත්තිය ප‍්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට කාර්යාලය පවසනවා. කෙසේ වෙතත් එය ක‍්‍රියාවට නැංවීමේදී දුගී ජනතාව සහ ආර්ථික අර්බුදයෙන් පීඩාවට ලක්වූ පිරිස් ආරක්ෂා විය යුතු බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙන්නේ.

එම අරමුදලේ ශ‍්‍රී ලංකාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප‍්‍රධානී පීටර් බෲවර් පෙන්වා දෙන්නේ නව බදු ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට නැංවීම හරහා ණය හිමියන්ගේ විශ්වාසය නැවතත් ළඟාකර ගැනීමට හැකි වනු ඇති බවයි.

ශ‍්‍රී ලංකාව තුළ මෑතකදී ක‍්‍රියාවට නංවා ඇති නව බදු ප‍්‍රතිපත්ති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරන ප‍්‍රමිතිවලට අනුකූල බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප‍්‍රධානියා සඳහන් කළා.

මේ අතර, ආර්ථික අර්බුදයෙන් පෙළෙන රටවල ණය ප‍්‍රතිව්‍යුහගතකරණයට සහය දක්වන්නැයි චීන විදේශ අමාත්‍ය ක්වින්ග් ගෑන්, ජී 20 රටවලින් සහ මූල්‍යයම ආයතනවලින් ඉල්ලීමක් කරනවා. සිය රටට පමණක් ණය ප‍්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වගකීම් දැරිය නොහැකි බැවින් අනෙකුත් බලවත් රටවල්ද ඒ සඳහා මැදිහත් වන ලෙසයි ඔහු ඉල්ලා ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000