
ආර්ථිකය මුළුමනින්ම ප‍්‍රකෘති තත්වයට පත්වන තෙක් දැනට පනවා ඇති ආනයන සීමා මුළුමනින්ම ඉවත් කිරීමට හැකියාවක් නොලැබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.
කොළඹ ඊයේ පැවති සමුළුවකදී වාහන ආනයනයට පනවා ඇති සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් කළ ප‍්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.