
ලෝක පාපන්දු කිරුළ හිමිකරගත් ආජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියනොල් මෙසීට මරණ තර්ජන එල්ල වී තිබෙනවා.
ඔහුගේ ඥාතියෙකුට අයත් සුපිරි වෙළඳසැලකට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු ඊයේ වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පසුව අසළ පුවරුවක් දමා ගොස් ඇති අතර, ”මෙසී, ඔබ එනතුරු අප බලා සිටිනවා” යනුවෙන් එහි සටහන් කර තිබූ බව එම වාර්තාවල සඳහන්.
කෙසේ වෙතත්, ලියනොල් මෙසී මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදුකර නැහැ.