English English සිංහල සිංහල தமிழ் தமிழ்

පුංචි ඡන්දයේ අලුත් දවස කවදාද ? – තීන්දුව 09 වැනිදාට කලින්.

Facebook
Twitter
LinkedIn

පළාත් පාලන ඡන්දය පැවැත්වෙන දිනය ලබන සතියේ යළි රැස්වී තීරණය කිරීමට අද රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. මේ මස 09 වනදා පළාත් පාලන ඡන්දය පැවැත්වීමට තීරණය කර තිබුණද පසුගියදා මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ එදිනට ඡන්දය පැවැත්වීමට හැකියාවක් නොමැති බවයි. ඒ අනුව අද දිනයේ රැස්වී ඡන්ද දිනය තීරණය කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව එදින සඳහන් කළේ.

කෙසේ වෙතත්, අද පෙරවරු 10.30 ට මැතිවරණ කොමිෂන් සභාව එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වුණා. ඡන්දය පැවැත්වීමට අවශ්‍ය මුදල් ප‍්‍රතිපාදන ලැබීම සහ ඡන්ද පත‍්‍රිකා මුද්‍රණය ඇතුළු කටයුතු සම්බන්ධයෙන්ද අවධානය යොමුකරමින් ඡන්ද දිනය සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණය මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට හා නීතිපතිවරයාට නිකුත් කළ නියෝගයක් හේතුවෙන් පළාත් පාලන ඡන්ද දිනය තීරණය කිරීම කල්දැමූ බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ‍්‍රී රත්නායක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

එමෙන්ම, මේ මස 09 වනදාට පෙර ඡන්ද විමසීම් දිනය ප‍්‍රකාශයට පත්කිරීමට මැතිවරණ කොමිසන් සභාව කටයුතු කරන බවද අදාළ නිවේදනයේ දක්වා තිබෙනවා. ඒ අනුව ලබන සතියේ දිනයක රැස්වී ඡන්ද දිනය තීරණය කිරීමට නියමිත අතර තැපැල් ඡන්ද දිනයද එදිනට නිවේදනය කෙරෙනු ඇති.

මේ අතර, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ශ්‍රේෂ්ඨාධිකරණය අද තහනම් නියෝගයක් නිකුත් කළේ අයවැයෙන් 2023 වසරේ මැතිවරණ කටයුතු සඳහා වෙන්කර ඇති මුදල් ප‍්‍රතිපාදන රඳවා ගැනීම වළක්වාලමින්.

සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් මද්දුම බණ්ඩාර විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර ලබාදෙමිනුයි ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ. අදාළ පෙත්සම ප‍්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු යන ත‍්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවනු ලැබුවා.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට සහ ජනාධිපතිවරයා වෙනුවෙන් නම් කර තිබූ නීතිපතිවරයා වෙත එහිදී අතුරු නියෝගයක්ද නිකුත් කළා. ඒ, ඡන්ද පත‍්‍රිකා මුද්‍රණය වෙනුවෙන් රජයේ මුද්‍රණාලය සඳහා වෙන්කර ඇති මුදල් ප‍්‍රතිපාදන රඳවා ගැනීමද වළක්වමින්.

පෙත්සමට අදාළ විරෝධතා සහ ප‍්‍රතිවිරෝධතා ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන්ට අනුකූලව ගොනු කරන ලෙස පාර්ශවකරුවන්ට නියෝග කළ විනිසුරු මඩුල්ල පෙත්සම් විභාගය මැයි මස 26 වැනිදා සිදුකරන බවයි ප‍්‍රකාශ කළේ.

පෙත්සම සලකා බැලීම ආරම්භ වු අවස්ථාවේ පෙත්සම්කාර රංජිත් මද්දුමබණ්ඩාර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ මුදල් අමාත්‍යංශය, රජයේ මුද්‍රණාලය, පොලිස්පතිවරයා ඇතුළු රාජ්‍ය ආයතන නිදහස් සහ සාධාරණ මැතිවරණ පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමට සහාය වීමට බැදී සිටින බව පෙන්වා දුන්නා.

ඒකාබද්ධ අරමුදල යටතේ එම මැතිවරණ කටයුතු මෙහෙයවීම සඳහා අවශ්‍ය මුදල් ප‍්‍රතිපාදන මැතිවරණ කොමිසම වෙත සපයා දීමට රජය බැඳී සිටින අතර එය ප‍්‍රතික්ෂේප කිරීමට රාජ්‍ය නිලධාරීන්ට හැකියාවක් නොමැති බවයි ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ.

2023 වසරේ මැතිවරණ පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුව මගින් රුපියල් බිලියන 10 ක මුදලක් වෙන් කර තිබියදී මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා රටේ පවතින අයහපත් ආර්ථික තත්ත්වය හේතුවෙන් ඡන්දය පැවැත්වීමට අවශ්‍ය මුදල් ප‍්‍රතිපාදන ලබාදිය නොහැකි බවට මැතිවරණ කොමිසමට දැනුම් දී ඇති බව එහිදී ජනාධිපති නීතිඥවරයා අධිකරණයට ප‍්‍රකාශ කළා.

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම යනු ඩොලර් අර්බුදය හා බැඳුණු කරුණක් නොවන බව සඳහන් කළ ඔහු අවශ්‍ය මුදල් ප‍්‍රතිපාදන ලබා නොදීම සහ ඡන්ද පත‍්‍රිකා මුද්‍රණය කර නොදීම හේතුවෙන් පලාත් පාලන ඡන්ද විමසීම මේ වනවිට කල් දමා ඇති බවයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේ.

එය ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීම කල් දැමීමේ අත්හදා බැලීමක් විය හැකි බවට සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු වග උත්තරකරුවන්ගේ මෙම ක‍්‍රියා කලාපය හේතුවෙන් ජනතාවගේ ඡන්ද අයිතිය මෙන්ම ජනතා පරමාධිපත්‍යය බරපතල ලෙස උල්ලංඝනය වන බවයි ප‍්‍රකාශ කළේ.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ප‍්‍රියන්ත නාවාන අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප‍්‍රජාත‍්‍රන්ත‍්‍රවාදය හෝ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ චේතනාවක් රජයට නොමැති බවත්, ජනතාවගේ සර්වජන ඡන්ද අයිතිය මෙන්ම අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ ප‍්‍රවර්ධනය කිරීමට රජය කටයුතු කරන බවත් කියා සිටියා.

මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා හිතාමතාම මැතිවරණ කටයුතු සඳහා මුදල් නිකුත් නොකරන බවට පෙත්සමෙන් එල්ල කර තිබෙන චෝදනා ප‍්‍රතික්ෂේප කරන බවද සඳහන් කළා.

මැතිවරණ කොමිසමේ පැවති සාකච්ඡාවලට සහභාගී වූ බව පෙන්වා දුන් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා, මැතිවරණ කටයුතු සදහා මැතිවරණ කොමිසමට රුපියල් මිලියන 100 ක මුදලකුත් රජයේ මුද්‍රණාලයට රුපියල් මිලියන 40 ක් සහ ශ‍්‍රී ලංකා පොලීසියට රුපියල් මිලියන 25 ක මුදලකුත් නිකුත් කිරීමට මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා පියවර ගෙන ඇති බවයි සඳහන් කළේ.

එසේ නම් මැතිවරණ ක‍්‍රියාවලියට ඔහු බාධා කරන්නේ යැයි චෝදනා කරන්නේ කෙසේද යනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එහිදී ප‍්‍රශ්න කළා.

රටේ ආර්ථික තත්වය සම්බන්ධයෙන් මුදල් ලේකම්වරයා විසින් නාමයෝජනා කැදවීමට පෙර මැතිවරණ කොමිසමට පැහැදිලි කරදී සිටි බවත් ඒ අනුව ඡන්ද විමසීම පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව මැතිවරණ කොමිසමට තීරණයක් ගැනීමට අවකාශ තිබූ බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළා.

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණද මැතිවරණ කොමිසම වග උත්තරකරුවකු ලෙස නම් කර නොමැති බැවින් මෙම පෙත්සම පවත්වාගෙන යාමට නොහැකි බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ අවධාරණය කළා.

මැතිවරණ පැවැත්වීම අත්‍යවශ්‍ය කටයුත්තක් ද? නැත්ද? යන්න තීරණය කිරීමට මුදල් අමාත්‍යවරයාට හැකියාවක් නොමැති බවයි මෙහිදී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සාලිය පීරිස් සඳහන් කළේ. පොලිස්පතිවරයාද ඉකුත් මැතිවරණවලට වඩා හය ගුණයකින් වැඩි වියදම් ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළ බව පෙන්වා දුන් ඔහු එය භයානක තත්ත්වයක් වන අතර ඒ තුළින් ජනතා පරමාධිපත්‍යය අව තක්සේරුවට ලක් කර ඇති බවද කියා සිටියා.

ඉදිරිපත්වූ සියලූ‍ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය අයවැයෙන් 2023 වසරේ පළාත් පාලන ඡන්ද කටයුතු සඳහා වෙන්කර ඇති මුදල් ප‍්‍රතිපාදන රඳවා ගැනීම වළක්වාළමින් මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට සහ නීතිපතිවරයාට තහනම් නියෝගයක් නිකුත් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000