/
/
title icon කොළඹ ප‍්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක් – වැල්ලම්පිටියේ පාරකුත් වැසේ.
කොළඹ ප‍්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක් – වැල්ලම්පිටියේ පාරකුත් වැසේ.
Editor
1 year ago
Share:
කොළඹ ප‍්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක් – වැල්ලම්පිටියේ පාරකුත් වැසේ.

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප‍්‍රදේශ කිහිපයකට අද පස්වරු 2 සිට හෙට පස්වරු 2 දක්වා පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටවනු ලබන බව ජාතික ජලසම්පාදන හා ජලාප‍වාහන මණ්ඩලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කළේ, කොළඹ 01 සිට කොළඹ 04 දක්වාත් කොළඹ 7 සිට කොළඹ 11 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.

එමෙන්ම කඩුවෙල නගරය සහ ඒ අවට මෙන්ම කොළොන්නාව, වැල්ලම්පිටිය සහ කොටිකාවත්ත යන ප‍්‍රදේශවලටද ජල සැපයුම අත්හිටුවනු ඇති.

මේ අතර, මෙම අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්ත හේතුවෙන් අද උදෑසන 9 සිට හෙට දහවල් 12 දක්වා වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොළොන්නාව මංසන්ධිය දක්වා මාර්ගය වසා තැබෙන බව පොලිසිය ප‍්‍රකාශ කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required