English English සිංහල සිංහල தமிழ் தமிழ்

මැතිවරණ කොමිසමේ අඟහරුවාදා යළි රැස්වීමක්.

Facebook
Twitter
LinkedIn

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව ලබන අඟහරුවාදා යළි රැස්වෙනවා. එම කොමිසමේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ, එදිනට කොමිසම හමුවට පැමිණෙන ලෙස දන්වමින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, රජයේ මුද්‍රණාලයාධිපතිනිය සහ පොලිස්පති ඇතුළු පාර්ශව කිහිපයකට අද දිනයේදී ලිපි යොමු කරන බවයි.

මේ මස 09 වනදා පළාත් පාලන ඡන්දය පැවැත්වීමට තීරණය කර තිබුණත්, පසුගියදා මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ එදිනට ඡන්දය පැවැත්වීමට හැකියාවක් නොමැති බවයි. ඒ අනුව ඊයේ රැස්වී ඡන්ද දිනය තීරණය කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව මීට පෙර සඳහන් කළේ.

කෙසේ වෙතත්, ඊයේ පෙරවරු 10.30 ට මැතිවරණ කොමිෂන් සභාව එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වුණා. ඡන්දය පැවැත්වීමට අවශ්‍ය මුදල් ප‍්‍රතිපාදන ලැබීම සහ ඡන්ද පත‍්‍රිකා මුද්‍රණය ඇතුළු කටයුතු සම්බන්ධයෙන්ද අවධානය යොමුකරමින් ඡන්ද දිනය සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

කෙසේ වෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණය මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට හා නීතිපතිවරයාට නිකුත්කළ නියෝගයක් හේතුවෙන් පළාත් පාලන ඡන්ද දිනය තීරණය කිරීම කල්දැමූ බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ‍්‍රී රත්නායක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

පාර්ලිමේන්තුව මගින් සම්මත කර තිබෙන අයවැය තුළින් 2023 වසරේ මැතිවරණ කටයුතු සඳහා වෙන්කර තිබෙන මුදල් ප‍්‍රතිපාදන රඳවා ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඊයේ මෙලෙස තහනම් නියෝගයක් නිකුත් කළා. ඒ, සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් මද්දුම බණ්ඩාර විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර ලබාදෙමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000