 
                            ත්‍රීරෝද රථ කර්මාන්තකරුවන් මුහුණදෙන ඉන්ධන කෝටාව ඇතුළු ගැටළු සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා සමඟ අනිද්දා සාකච්ඡාවක් සිදුකරන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති ලලිත් ධර්මසේකර කියා සිටියේ තී‍්‍රරෝද රථ නියාමනයට අදාළ කරුණු සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා කිරීමට අදහස් කරන බවයි.
මේ අතර, පසුගිය වසරේ සැප්තැම්බර් මස 01 වනදා සිට අන්තර්ජාලය ඔස්සේ ආරම්භ කෙරුණු බස්නාහිර පළාතේ ත්‍රීරෝද රථ ලියාපදිංචි කිරීමේ වැඩසටහන යටතේ ත්‍රීරෝද රථ 30,000 ක් පමණ මේ වනවිට ලියාපදිංචි වී තිබෙනවා.
කෙසේ වෙතත්, ලියාපදිංචියට අදාළව ලියකියවිලි සම්පූර්ණ කර, ගාස්තු ගෙවා නිසි පරිදි ලියාපදිංචිය ලබාගෙන ඇත්තේ ත්‍රීරෝද රථ 120 ක් පමණක් බවයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය සඳහන් කළේ. බස්නාහිර පළාතේ ත්‍රීරෝද රථ ලක්ෂ 03 ක් පමණ පවතින බවටයි එම අධිකාරිය පවසන්නේ.
 
                         
             
             
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                