
උතුරු පළාතේ ගවයින් අතර වැළදී ඇති රෝගී තත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකෙරෙමින් පවතින බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් මෙම තත්වය වැඩි වශයෙන් වාර්තා වන අතර රෝගය හේතුවෙන් ගවයින් 10කට ආසන්න ප්‍රමාණයක් මිය ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.
කිනිතුල්ලන්ගෙන් සහ මැස්සන්ගෙන් මෙම රෝගය ගවයින් වෙත වැඩි වශයෙන් පැතිර යන බව පශු වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. කෑම අරුචිය, උණ සහ ගවයින්ගේ ශරීරයේ ඇතැම් ස්ථානවල ගෙඩි හටගැනීම මෙහි රෝග ලක්ෂණයි.
මීට වසර 3කට පෙර ද උතුරු පළාතේ, ගවයින් අතර මෙම රෝගී තත්වය වාර්තා වී තිබෙනවා.