English English සිංහල සිංහල தமிழ் தமிழ்

ලෝක කාන්තා දිනය

Facebook
Twitter
LinkedIn

1908 දී නිව්යෝර්ක් හි කාන්තාවන් 15,000 ක් පමණ වැඩවර්ජනයක නිරත වූයේ අඩු වැටුප් හා ඔවුන් සේවය කළ කර්මාන්තශාලාවේ භයානක තත්ත්වය හේතුවෙනි. 1909 දී ඇමරිකාවේ සමාජවාදී පක්ෂය ජාතික කාන්තා දිනයක් සංවිධානය කළ අතර ඉන් වසරකට පසු ඩෙන්මාර්කයේ කොපන්හේගන්හි සමානාත්මතාවය සහ කාන්තා ඡන්ද අයිතිය පිළිබඳ සමුළුවක් පැවැත්විණි. කාන්තා දිනය ජාත්‍යන්තර දිනයක් බවට පත් කිරීම සඳහා කොමියුනිස්ට් ක්‍රියාකාරිනියක් හා කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ක්ලාරා සෙට්කින් ප්‍රමුඛත්වය ගත් අතර කොපන්හේගන්හි සමුළුවේ දී මෙම අදහස ඇය ඉදිරිපත් කළා ය. එහි රටවල් 17 ක කාන්තාවන් 100 ක් සිටි අතර ඔවුන් ඇයගේ යෝජනාව ඒකමතිකව සම්මත කරමින් 1911 දී ඔස්ට්‍රියාව, ජර්මනිය, ඩෙන්මාර්කය හා ස්විට්සර්ලන්තය මුල් වරට කාන්තා දිනය සමරන ලදී. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1975 දී ජාත්‍යන්තර කාන්තා දිනය ලෙසට මාර්තු 08  ප්‍රකාශයට පත් කළ අතර 1996 දී සම්මත කරන ලද පළමු තේමාව වූයේ “අතීතය සැමරීම, අනාගතය සඳහා සැලසුම් කිරීම” යන්න ය.

වාර්ෂිකව මාර්තු 08 වන දින කාන්තා දිනය සමරනු ලබන්නේ කාන්තාවන්ගේ සමාජ, ආර්ථික, සංස්කෘතික, සහ දේශපාලන ජයග්‍රහණ සමරන ගෝලීය දිනයක් වශයෙනි. එය පක්ෂග්‍රාහී, වෙනස්කොට සැලකීම් වලින් තොර හා සමානාත්මතාවය ඇතුළත් වන්නකි. ජාත්‍යන්තර කාන්තා දින වෙබ් අඩවියට අනුව “කාන්‍තාවන් සඳහා ධනාත්මක වෙනසක් ඇති කිරීමට වේදිකාවක් සැපයීම ; Embrace Equity” යන තේමාව යටතේ ද එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්  DigitALL: ” ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා නවෝත්පාදනය සහ තාක්ෂණය ” යන තේමාව යටතේ ද මෙවර කාන්තා දිනය සමරනු ලබයි. ජාත්‍යන්තර කාන්තා දින වෙබ් අඩවියට අනුව දම්, කොළ, සුදු වර්ණයන් කාන්තා දිනයේ වර්ණයන් ය. දම් පැහැයෙන් යුක්තිය හා ගෞරවය ද, කොළ පැහැයෙන් බලාපොරොත්තුව ද, සුදු පැහැයෙන් පාරිශුද්ධත්වය ද සංකේතවත් කරයි.

ජාත්‍යන්තර කාන්තා දිනය යනු ලොව පුරා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා එක්සත් බලවේගයක් ලෙස එකට නැඟී සිටිය යුතු, සමාන අවස්ථාවන් පිළිබඳ ලෝකයේ අවධානය නතු කිරීමේ අරමුණින් ගෝලීය වගවීම පිළිබඳ පසක් කරන දිනයකි. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම, සාක්ෂාත් කර ගැනීම සඳහා ලබා ඇති ප්‍රගතිය සනිටුහන් කරන දිනයක් ය. බිලියන 2.7 කට සමාජ සම්මත නීතිරීති හේතුවෙන් පුරුෂයන්ට හා සමාන රැකියා අවස්ථා ලබාගැනීම අහිමි ඇත. නිදසුන් වශයෙන්  ඉරානය, ඇෆ්ගනිස්තානය වැනි රටවල කාන්තාවන්ගේ මූලික අයිතිවාසිකම් සහ නිදහසට දැඩි තර්ජනයන් එල්ල වී ඇත.

වෙනසක් සඳහා නොපසුබස්නා උත්සාහයක් යෙදෙන , ලොවක් මවමින් එහි පැවැත්මේ ජීවනාලිය බඳු වූ කාන්තාව තම දිවියේ නොයෙකුත් සන්ධිස්ථාන අපරිමිත ශක්තියකින් හා දරාගැනීමකින් යුක්තව මුහුණදෙන්නී ය. මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයට අනුව සියලු මිනිසුන් නිදහස් ව උපත ලබා ඇති අතර ගෞරවයෙන් හා අයිතිවාසිකම් වලින් සමාන වේ. එකී පිළිගත් අයිතිවාසිකම් කාන්තාව විෂයෙහි ලා ද පොදු ය. ඔවුන්ගේ ජිවිත ඉලක්ක බාධවකින් තොරව හඹා යෑමට බලගැන්වීම පිළිබඳ වූ වගවීම පසක් කරන දිනයක් ලෙසට කාන්තා දිනය හැඳින්විය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000