English English සිංහල සිංහල தமிழ் தமிழ்

IMF ණය සහනය අනුමතයි – ජනපතිගෙන් අද විශේෂ ප‍්‍රකාශයක්.

Facebook
Twitter
LinkedIn

 

විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට සහය දැක්වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුව විසින් අනුමත කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කළා.

මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ බහුපාර්ශවික සංවිධාන වෙතින් ඩොලර් බිලියන 7ක් දක්වා මූල්‍ය පහසුකම් ලබා ගැනීමට අවස්ථාව සැලසෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

මෙය ශ්‍රී ලංකාවට ඓතිහාසික සන්ධිස්ථානයක් බව රජය ප‍්‍රකාශ කළා. මම මස මුලදි ශ්‍රී ලංකාවට පැරිස් සමාජය, ඉන්දියාව සහ චීනය ඇතුළු එහි නිල ණයහිමියන්ගෙන් ජාත්‍යන්තර මූල්‍ය සහතික කිරීම් ලැබුණ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විධායක කමිටුව කැඳවා ණයක් සඳහා ශ්‍රී ලංකාවේ ඉල්ලීම සලකා බැලීය.

ශ්‍රී ලංකාව 2022 වසරේ සැප්තැම්බර් 01 වනදා විස්තීර්ණ අරමුදල් පහසුකම මගින් අනුග‍්‍රහය දක්වන සිව් අවුරුදු වැඩසටහනක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මාණ්ඩලික මට්ටමේ ගිවිසුමකට එළැඹුණා. ඩොලර් බිලියන 3ක මෙම වැඩටසටහන මගින් අවදානමට ලක්විය හැකි කකණ්ඩායම් සහ ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ආරක්ෂා කරමින් සාර්ව ආර්ථික ස්ථාවරත්වනයක් සහ ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කෙරුණා.

සැප්තැම්බර් මාසයේ සිට ශ්‍රී ලංකා රජය ප්‍රතිසංස්කරණ න්‍යාය පත‍්‍රය පිළිබඳ පාර්ශ්වකරුවන් යාවත්කාලීන කිරීමට විනිදභාවයකින් තොරතුරු බෙදා ගැනීමට මෙන්ම වානිජ ණය හිමියන් සමග සම්බන්ධවීමට නිල ණයහිමියන්ගේ රැස්වීම් පවත්වා තිබෙනවා.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ සෙසු අන්තර් ජාතික පාර්ශවකරුවන්ට ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ සිය ස්තූතිය පළ කළා. ඒ සියලූ මූල්‍ය ආයතන සහ ණය හිමියන් සමඟ පූර්ණ විනිවිදභාවයකින් යුතුව සාකච්ඡා කොට දැඩි මූල්‍ය කළමණාකරණයක් සහ ප‍්‍රතිසංස්කරණ හරහා ණය තිරසාරභාවය අත්පත් කර ගැනීමට කැපවී කටයුතු කරන බවද ජනාධිපතිරවයා ප‍්‍රකාශ කළා.

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කළේ ශී‍්‍ර ලංකා සඳහා ඩොලර් බිලියන 3කට ආසන්න විස්තීර්ණ මූල්‍ය සහනයක් අනුමත කළ බවයි. ඒ යටතේ ඩොලර් බිලියන 3කට ආසන්න විස්තීර්ණ මූල්‍ය සහනයක් අනමුත කළ බවද එහි දැක්වෙනවා. මේ යටතේ ඩොලර් මිලියන 333ක් ශී‍්‍ර ලංකාවට කඩිනමින් ලබාගත හැකියි. මෙම මූල්‍ය පහසුකම මාස 48ක කාල රාමුවක් සඳහා අදාළ බව එම නිවේදනයේ සඳහන්.

කෙසේ වෙතත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කළේ, අයිඑම්එෆ් ණය අනුමැතිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අද දිනයේ විශේෂ ප‍්‍රකාශයක් ද සිදු කිරීමට ද නියමිත බවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000