English English සිංහල සිංහල தமிழ் தமிழ்

ලෝක ජල දිනය

Facebook
Twitter
LinkedIn

අද මාර්තු 22, ලෝක ජන දිනයයි. ජීවයේ පැවැත්ම රඳා පවතිනුයේ ජලය මතය. මිනිසාට ආහාර නොමැතිව මසකට වැඩි කාලයක් ජීවත්වන්නට හැකි නමුත් ජලය නොමැති ව ජීවත් විය හැක්කේ දින තුනක් තරම් කෙටි කාලයක් පමණි. ඒ තරම් සුරක්ෂිතභාවයක් සනිටුහන් කරමින් ජීවයේ පැවැත්ම සනාථ කරමින් ජලය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ හා එහි වැදගත්කම ලෝක ප්‍රජාවට සමීප කරවීම පිණිස 1992 දී රියෝ ද ජැනයිරෝ හි එක්සත් ජාතීන්ගේ සමුළුවේ දී යෝජනා කළ අතර එතැන් සිට් වාර්ෂිකව මාර්තු 22 දින ලෝක ජල දිනය ගෝලීයව සමරනු ලබයි.
පිරිසිදු පානීය ජලය හා සනීපාරක්ෂාව සඳහා ඇති අයිතිය මානව අයිතිවාසිකමක් ලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 2010 දී පිළිගෙන ඇති පසුබිමක ලොව පුරා අවම වශයෙන් බිලියන 2.1 ජනතාවක් දේශගුණික විපර්‍යාස, යුද්ධය, ප්‍රාදේශීය ගැටුම් වැනි හේතුවෙන් ආරක්ෂිත ජලය නොමැතිව ජීවත් වේ.
සෑම දිනකම වයස අවුරුදු හතට අඩු ළමුන් 700 කට අධික පිරිසක් අනාරක්ෂිත ජලය හා දුර්වල සනීපාරක්ෂාව හේතුවෙන් රෝගාබාධ වලින් මිය යන අතර එක්සත් ජාතීන් විසින් නිකුත් කරන ලද සංඛ්‍යාලේඛනයන්ට අනුව බිලියන හතරක පමණ ජනතාවක්; ලෝක ජනගහනයෙන් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක් වසරේ අවම වශයෙන් මාසයක් තුළ දැඩි නියඟයකට මුහුණ දෙනු ලබයි. වර්තමානයේ පුද්ගලයින් හතර දෙනෙකුගෙන් එක් අයෙකුට ආරක්ෂිත පානීය ජල පහසුකම් නොමැති ව පීඩා විඳී.
සියලුම ජීව පද්ධති වල පැවැත්ම සඳහා ජලය අත්‍යවශ්‍ය නමුත් මෙලෙස පිරිසිදු පානීය ජලය නොමැතිව පීඩා විඳින අතර 2030 වන විට ලොව පුරා මිලියන 400 ක ජනතාවක් උග්‍ර ජල හිඟයෙන් අවතැන් වන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් විශ්වාස කරයි.
2023 වසරේ ලෝක ජල දිනයේ තේමාව “භූගත ජලය; නොපෙනෙන දේ දෘශ්‍යමාන කිරීම” ය. මේ හරහා පරිසරයට භූගත ජලය කෙතරම් වැදගත් ද යන්න මෙහිදී අවධාරණය කෙරෙන අතර ජලය හා දේශගුණික විපර්යාස අතර ඇති සම්බන්ධය කෙරෙහි ද අවධානය යොමු වී තිබේ.
සෑම ප්‍රජාවකට ම පිරිසිදු ජල සැපයුමක් සඳහා ප්‍රවේශය සහතික කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් ගෝලීය ජල ආශ්‍රිත ගැටලු පිළිබඳ දැනුම්වත් කිරීමට කැප වූ මෙම දිනයේ දී දෛනික කටයුතු වලදී ජල පරිභෝජනය අවම කිරීමට කිරීම, අපජලය ප්‍රතිචක්‍රීකරණය, වැසි ජලය ග්‍රහණය කර ගැනීම, වාරි පද්ධති නිර්මාණය, වනවගාව කෙරෙහි ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සවිබල ගැන්වීම මත තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීමටත් ඒ හරහා තිරසර ජල ප්‍රතිපත්ති සකස් කිරීම, ක්‍රියාත්මක කිරීම මෙන්ම ඔබ ජල පරිභෝජනය කරන හා කළමනාකරණය කරන ආකාරය වෙනස් කිරීමෙන් වෙනසක් ඇති කිරීමට හැකි වන්නේ ය.
පිරිසිදු ආරක්ෂිත ජලය සෞඛ්‍යමත් යහපැවැත්ම වැඩි දියුණු කරන අතර පිරිසිදු ආරක්ෂිත පානීය ජලය හා සනීපාරක්ෂාව මානව අයිතිවාසිකමක් ය. ඒ සඳහා වගවීම හා වගකීම මිනිසා සතු වන්නකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000