English English සිංහල සිංහල தமிழ் தமிழ்

මහින්ද සහ බැසිල්ගේ විදෙස් ගමන් තහනම ඉවතට.

Facebook
Twitter
LinkedIn

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව පනවනු ලැබූ විදේශ ගමන් තහනම තවදුරටත් ක‍්‍රියාත්මක නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද ආගමන හා විගමන පාලකවරයාට දැනුම් දුන්නා.

ඒ වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා වානිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු වන චන්ද්‍රා ජයරත්න සහ මහාචාර්ය මහීම් මෙන්ඩිස් ඇතුලූ පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළවයි.

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, හිටපු මහබැංකු අධිපතිවරුන් වන ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්, අජිත් නිවාඩ් කබ්රාල් ඇතුලූ පිරිසක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

පෙත්සම අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප‍්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා තම සේවාදායකයන්ට පණවා තිබූ විදේශ ගමන් සීමා කිරීමේ නියෝගය පසුගිය ඔක්තෝම්බර් මස 07 වනදායින් පසුව දීර්ඝ නොකළ බව පෙන්වා දුන්නා.

මේ බව ආගමන හා විගමන පාලකවරයාට දැනුම් දෙන නියෝගයක් නිකුත් කරන ලෙසයි ඔහු ඉල්ලා සිටියේ.

එම ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය එම වගඋත්තරකරුවන් දෙදෙනාට නිකුත් කළ විදේශ ගමන් තහනම තවදුරටත් ක‍්‍රියාත්මක නොවන බව ආගමන හා විගමන පාලකවරයාට දැනුම් දෙන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට‍්‍රාර්වරයාට නියෝග කළා.

මෙම පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය වසරේ තීරණය කළ අතර, විගණකාධිපතිවරයාට දැනුම් දුන්නේ විගණනයක් සිදුකර එහි වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000