English English සිංහල සිංහල தமிழ் தமிழ்

බූරු මූණා මානසික වෛද්‍යවරයෙකු හමුවට.

Facebook
Twitter
LinkedIn

 

දින 90 ක් රඳවාගෙන ප‍්‍රශ්න කෙරෙන පාතාල වෙඩික්කරුවෙකු වන රවිඳු වර්ණ රංගන හෙවත් බූරු මූණා දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ විශේෂඥ මානසික වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර තිබෙනවා. බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය සඳහන් කළේ ඒ අනුව ඔහු ඊයේ ඒ සඳහා කළුබෝවිල රෝහල වෙත රැගෙන ආ බවයි.

ඉකුුත් 20 වනදා කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත සැකකරුව ඉදිරිපත් කිරීමේදී තමන් මානසික රෝගයකට ප‍්‍රතිකාර ගන්නා බවටද බූරු මූණා පැවසීමෙන් අනතුරුව අධිකරණ වෛද්‍යවරයාගේ නිර්දේශ මතයි මෙලෙස මානසික වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කරනු ලැබුවේ. විනාඩි 20කට ආසන්න කාලයක් සැකකරු පරීක්ෂා කළ වෛද්‍යවරයා ඔහු දැනට ලබාගන්නා ඖෂධ ඒ ආකාරයෙන්ම ලබාගන්නා ලෙසට උපදෙස් දී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර රැදවුම් නියෝග මත සිටින බූරු මූණා පොලිසිය හමුවේ තවත් කරුණු රැසක් හෙළිකර තිබෙනවා. සැකකරු අවිස්සාවේල්ල පොලිසිය මගින් පසුගිය සිකුරාදා අත්අඩංගුවට ගත් අතර, ඔහු මේ වනවිට බස්නාහිර පළාත් දකුණ විමර්ශන කොට්ඨාසයේ රඳවාගෙනයි විමර්ශන සිදු කෙරෙන්නේ.

හංවැල්ලේ ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීම තමන් විසින් සිදුකළ බවට ඔහු මීට පෙර පිළිගෙන තිබූ අතර, මේ වනවිට අනාවරණ වී ඇත්තේ ඔහුගේ ඉලක්කය ව්‍යාපාරිකයාගේ සහෝදරයෙකු වූ බවයි.

සහෝදරයා නොමැතිවීම හේතුවෙන් ඔහු අදාළ ව්‍යාපාරිකයා ඝාතනය කර තිබුණේ කප්පම් මුදල් ලබාගැනීමේ සිද්ධියකට අදාළව බවටද විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

එහිදී ඔහු විසින් විමර්ශන නිලධාරීන්ට සඳහන් කර ඇත්තේ තමන්ට ඝාතන චෝදනා 9 ක් පැවතියද තමන් සිදුකළේ ඉන් දෙකක් පමණක් බවයි. එමෙන්ම පොලිසිය හමුවේ ඔහු හඬා වැටී ඇති බවද පසුගියදා වාර්තා වුණා.

එමෙන්ම සැකකරු නාවික හමුදාවේ සිට සේවය හැර ගිය සෙබළෙකු බවටද මේ වනවිට අනාවරණ වී ඇති අතර, ඩුබායි හි සිටින සංවිධානානත්මක අපරාධකරුවෙකු වන ලලිත් කන්නන්ගර නැමැත්තාගේ ප‍්‍රධාන වෙඩික්කරුවෙකු බවටද හඳුනාගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000