English English සිංහල සිංහල தமிழ் தமிழ்

සතොස යළිත් බඩු මිල අඩු කරයි – පිටකොටුවේත් තොග මිල පහළට.

Facebook
Twitter
LinkedIn

ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය පාරිභෝගික ආහාර ද්‍රව්‍ය 10 ක මිල අද සිට පහත දමා තිබෙනවා. එම ආයතනය නිවේදනය කළේ පාරිභෝගිකයින්ට සහන සළසා දීමේ අරමුණින් මෙම මිල පහත දැමීම සිදුකළ බවයි. ඒ අනුව වියලි මිරිස් කිලෝග‍්‍රෑමයක මිල රුපියල් 120 කින්, සුදුළුෑණු කිලෝග‍්‍රෑමයක සහ හාල් මැස්සන් කිලෝග‍්‍රෑමයක මිල රුපියල් 25 කින් අඩු කර තිබෙනවා.

එමෙන්ම කඩල කිලෝග‍්‍රෑමයක් රුපියල් 15 කින්ද සම්බා දේශීය සහල් කිලෝග‍්‍රෑමයක් රුපියල් 11 කින්ද, ග‍්‍රෑම් 425 ටින් මාළු මිල රුපියල් 10 කින් ද අඩු කළ බව ලංකා සතොස ආයතනය සඳහන් කළා. ඊට අමතරව ලොකු ළුෑණු කිලෝග‍්‍රෑමයක සහ දේශීය අර්තාපල් කිලෝග‍්‍රෑමයක මිල රුපියල් 10 කින් අඩු කර ඇති අතර, සුදු සීනි සහ වටානා කිලෝග‍්‍රෑමයක මිල පහත දමා ඇත්තේ රුපියල් 7 කින්.

මේ අතර ඇමරිකානු ඩොරලයට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීම හමුවේ පිටකොටුව තොග වෙළඳපලේ අල, ළුෑණු, සීනි සහ පරිප්පු ඇතුලූ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක තොග මිල අඩුවී තිබෙනවා. ඒ අනුව ආනයනික අර්තාපල් කිලෝවක තොග මිල රුපියල් 125 ක් වන අතර, ළුෑණු කිලෝවක තොග මිල රුපියල් 94 ක්. එසේම පරිප්පු කිලෝවක තොග මිල 350 ක් වන අතර, සීනි කිලෝවක තොග මිල රුපියල් 180 ක් බවයි පිටකොටුව තොග වෙළඳුන් ප‍්‍රකාශ කළේ.

මේ අතර එළඹෙන උත්සව සමයේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දිවයින පුරා වැටලීම් මේ වනවිට ආරම්භ කර තිබෙනවා. ඒ අනුව සෑම දිස්ත්‍රික්කකම ප‍්‍රධාන තොග අලෙවිසැල්, ගබඩා සහ සිල්ලර වෙළඳසැල් පරීක්ෂා කිරීම් සිදුකරන බවයි පාරිභෝගික කටයු පිළිබඳ අධිකාරියේ වැටලීම් අංශය සඳහන් කළේ.

උත්සව සමයේ වැඩි මිලට  භාණ්ඩ අලෙවි කිරීම, මිල ප‍්‍රදර්ශනය නොකිරීම ඇතුලූ අක‍්‍රමිකතා සිදුකරන වෙළඳුන් සම්බන්ධයෙන් 1977 කෙටි දුරකථන අංකයට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000