English English සිංහල සිංහල தமிழ் தமிழ்

කේරල ගංජා සමඟ පලෙයි CRIME OIC අත්අඩංගුවට.

Facebook
Twitter
LinkedIn

කේරළ ගංජා සමඟ පලෙයි පොලිසියේ ක‍්‍රයිම්  ඕ.අයි.සී.

සහ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට.

කේරළ ගංජා සමඟ කිලිනොච්චිය – පලෙයි පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා සහ පොලිස් කොස්තාපල්වරයෙකුු සුරාබදු දෙපාර්තමේන්තුවේ විශේෂ මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෙරේදා රාත‍්‍රියේ සිදුකළ විශේෂ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුව ඔවුන් ඊයේ මහර මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාාගර ගත කෙරුණා. මෙම පිරිස භාරයේ තිබී කේරළ ගංජා කිලෝ දෙකයි ග‍්‍රෑම් 250ක් සොයා ගෙන තිබෙනවා.

මෙම පොලිස් නිලධාරියා කේරළ ගංජා අලෙවි කරන බවට සුරාබදු දෙපාර්තමේන්තුවට කළක සිට තොරතුරු ලැබී තිබූ අතර, මොහු දකුණු පළාතේ පුද්ගලයින් කිහිපදෙනෙකුට ගංජා අලෙවි කරන බවටයි වාර්තා වී තිබුණේ.

ඒ අනුව මෙම පුද්ගලයින් හරහා උපාය දූතයෙකු මාර්ගයෙන් ගංජා මිලදී ගැනීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් පලෙයි ප‍්‍රදේශයට ගොස් තිබුණා.

එහිදියි සැකකරුවන් පලෙයි ප‍්‍රදේශයේ පිහිටි පොල් සංවර්ධන අධිකාරියේ නිවාඩු නිකේතනයකට පැමිණෙන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දැනුම්දී තිබුණේ.

එම අවස්ථාවේ ගංජා තොගය රැගෙන ආ අදාළ පලෙයි පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා සහ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000