English English සිංහල සිංහල தமிழ் தமிழ்

පොලිස්පති ධුරයට තවමත් නමක් නැහැ.

Facebook
Twitter
LinkedIn

පොලිස්පති සී.ඩී. වික‍්‍රමරත්න විශ‍්‍රාම යෑමෙන් පුරප්පාඩු වන පොලිස්පති ධූරය සඳහා මෙතෙක් ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් නාමයෝජනාවක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට ලැබී නොමැති බව වාර්තා වනවා.

පොලිස්පතිවරයා අද දිනයේ විශ‍්‍රාම යෑමට නියමිතව ඇත්තේ වයස අවුරුදු 60 සම්පූර්ණ වීම හේතුවෙන්.

පොලිස්පතිවරයා පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් නාම යෝජනාවක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කළ යුතු වනවා. අනතුරුවයි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව රැස්වී එම පුද්ගලයාගේ නම සඳහා අනුමැතිය ලබාදීම හෝ වෙනත් නමක් යෝජනා කර එවන ලෙස ජනාධිපතිවරයාට දැනුම්දීමක් සිදුකරනු ලබන්නේ.

පොලිස්පතිවරයා විශ‍්‍රාම යෑමත් සමඟ එම ධූරයට වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කිරීම හෝ වත්මන් පොලිස්පතිවරයා සේවා දිගුවක් ලබාදෙනු ඇතැයි විවිධ වාර්තා පළ වුණා.

කෙසේ වෙතත්, පසුගිය සඳුඳා ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී වත්මන් පොලිස්පති සී.ඩී. වික‍්‍රමරත්නට සේවා දිගුවක් ලබාදීමට මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම සිය විරෝධය පළ කර තිබෙනවා.

අරගලය පැවති සමයේදී මෙන්ම මන්ත්‍රීවරුන්ගේ නිවාස  ගිනිබත් කිරීමේ සිද්ධීන්වලදී පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව මෙහිදී ඔවුන් නොසතුට පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000