
පොලිස්පති සී.ඩී. වික‍්‍රමරත්නට අද සිට මාස 3 ක කාලයක් සඳහා සේවා දිගුවක් ලබාදීමට ජනාධිපති රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවකදී තීරණය වී තිබෙනවා. ඒ ඔහුගේ ධුර කාලය ඊයේ දිනයෙන් අවසන්වීමට නියමිතව තිබීම හේතුවෙන්.
එමෙන්ම, එම සාකච්ඡුාවේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට මීළඟ පොලිස්පති ධුරය ලබාදීමට ද තීරණය වී ඇති බවයි වාර්තා වන්නේ. ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ද එක්ව සිටි බව සඳහන්.