
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ජාවක් ලබාදෙන ලෙසට මැතිවරණ කොමිසන් සභාව අග‍්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. අග‍්‍රාමාත්‍යවරයා වෙත ලිඛිතව මෙම ඉල්ලීම ලැබී තිබූ බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.
පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලූ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස මෙමඟින් ඉල්ලා ඇත්තේ.
ඒ අනුව එළැඹෙන සතියේදී මැතිවරණ කොමිෂන් සභාව වෙත සාකච්ඡාවක් ලබාදෙනු ඇති බවටයි වාර්තා වන්නේ.
පළාත් පාලන ඡන්දයට අපේක්ෂකයින් ලෙස ඉදිරිපත්ව සිටින රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලූ පිළිබඳව මෙම සාකච්ඡාවේදී විශේෂ අවදානයක් යොමුකරනු ඇති. එමෙන්ම අග‍්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනද පසුගියදා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ පළාත් පාලන ඡන්දය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සමඟ සාකච්ඡුා කිරීමට අපේක්ෂාවෙන් පසුවන බවයි