/
/
title icon
ඉන්ධන මිල පහතට – බස් සහ ත්‍රීරෝද රථ ගාස්තුත් අඩු කෙරේ.
ඉන්ධන මිල පහතට – බස් සහ ත්‍රීරෝද රථ ගාස්තුත් අඩු කෙරේ.
Editor
2 years ago
Share:
ඉන්ධන මිල පහතට – බස් සහ ත්‍රීරෝද රථ ගාස්තුත් අඩු කෙරේ.

 

ඉන්ධන මිල පහළ දැමීමත් සමඟ අද සිට සියයට 12 යි දශම 9 කින් බස් ගාස්තු අඩු කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව අවම බස් ගාස්තුව වන රුපියල් 34 රුපියල් 30 දක්වා අඩු වනු ඇති. ඉන්ධන මිල ගණන් අඩු කිරිමත් සමඟයි මෙලෙස බස් ගාස්තු අඩු කර ඇත්තේ.

ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 60 කින්, 95 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 135 කින්, ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 80 කින්, සුපර් ඩීසල් මිල රුපියල් 45 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩු කෙරෙන බවයි කොළඹ  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර කියා සිටියේ.

ඒ අනුව, අද සිට 12 යි දශම 9 කින් බස් ගාස්තු අඩු කෙරෙන බව වැඩබලන ප‍්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගියවන්න රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කළා.

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ ඉන්ධන මිල පහත හෙලීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීමට සූදානම් බවයි.

එමෙන්ම, ඉන්ධන මිල අඩුවීමත් සමග දෙවන කිලෝමීටරයේ සිට ත්‍රීරෝද  රථ ගාස්තුව ද රුපියල් 20 කින් අඩු කිරීමට ත්‍රීරෝද රථ සංගම් පියවර ගෙන තිබෙනවා.

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required