English English සිංහල සිංහල தமிழ் தமிழ்

ඔටිසම් පිළිබඳ දැනුම්වත් කිරීමේ ජාත්‍යන්තර දිනය

Facebook
Twitter
LinkedIn

වර්තමානයේ දිනෙන් දින ඔටිසම් රෝගයට ගොදුරු වන ප්‍රමාණය ඉහළ යමින් තිබෙන පසුබිමක ඒ ආශ්‍රිතව දැනුම්වත් කිරිමේ අභිප්‍රාය මත 2007 දෙසැම්බර් 18 වන දින දි ‘අප්‍රේල් 02’ දින ‘ලෝක ඔටිසම් දැනුම්වත් කිරීමේ දිනය ලෙසට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සම්මත කරන ලදී. ඒ හරහා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ලෝක ප්‍රජාවගේ සැලකිය යුතු අවධානය ලබාගැනීම අපේක්ෂිත ය.
ඔටිසම් රෝගී තත්ත්වය ප්‍රථමයෙන් ම හඳුනා ගත්තේ 1943 දී ඇමරිකාවේ වෛද්‍යවරයෙකු වූ ලියෝ කැනර් විසිනි. ඒ සෙමෙන් වැඩෙන මනසක් ඇති දරුවන් ලෙසට ය. මුල් අවධියේම ඔටිසම් ආශ්‍රිතව සැළකිල්ලට ගත යුතු ලක්ෂණයි. එනම්,

• මාස 12 ක් වන විට දරුවා බහ තේරීමේ ප්‍රමාදයක් දැකිය හැකි වීම.
• මාස 12 ක් වන විට දරුවා ඇගිල්ල දිගු කොට තම අවශ්‍යතාවයන් ප්‍රකාශ නොකිරීම.
• මාස 16 ක් වන විට දරුවා තනි වචන නොපවැසීම.
• මාස 24 ක් වන විට දරුවා වචන දෙකක් සහිත වාක්‍ය නොපැවසීම.
• ඕනෑම අවධියකදී දරුවා ලබා ගත් වර්ධන කුසලතා නැතිවී යා හැකි වීම.
ඕට්සම් තත්වයේ මූලික ලක්ෂණයි.
පිරිමි ළමුන්ට ඔටිසම් රෝගය වැළඳීමේ අවධානම ඉහළ අතර ජාන හා පාරිසරික තත්ත්වයන් හි අන්තර්ක්‍රියාකාරීත්වය ඊට හේතු වේ.
ඔටිසම් රෝගයට ගොදුරු වූවා යැයි කියා බාහිරින් හෝ ශාරීරිකව හෝ වෙනස් ලක්ෂණයන් හඳුනාගත නොහැකි ය.
සමාජශීලිව තව කෙනෙකු සමඟ සම්බන්ධ වීම හා අදහස් ප්‍රකාශ කිරීමේ දී මතුවන ගැටලු මෙහිදී දැකගත හැකි ය.
ඔටිසම් හඳුනා ගැනීමේ හොඳම නිර්ණායක වන්නේ දරුවාගේ සංවර්ධනය ගැන මනා අවබෝධයකින් කටයුතු කිරීම ය. ඔටිසම් තත්ත්වයේ පරාසය හඳුනාගෙන වෘත්තීය චිකිත්සාව , කථන පුහුණුව ඇතුළු චර්‍යාමය පුහුණුව ලබා දීම සිදු කරයි.
මොළයේ අසාමාන්‍ය වර්ධක තත්ත්වයක් වන ඔටිසම් යනු පුද්ගලයාගේ ස්ත්‍රී, පුරුෂ බව, සමාජ, ආර්ථික පසුබිම නොතකා මුල් ළදරු අවධියේ දී හෙළි වන ස්නායු රෝගයකි.
ලොව පුරා බහුල ව දක්නට ඇති මෙම තත්ත්වය මත වර්තමානයේ ඔටිසම් රෝගයට ගොදුරු වූවන් පමණක් නොව ඔවුන්ගේ පවුල් සංස්ථාවන්ට ද විශාල අභියෝග රැසකට මුහුණ දීමට සිදුව ඇත.
අප්‍රේල් 2 වන දින හරහා ලෝක ප්‍රජාව දිරිගැන්වීම මත ඔටිසම් රෝගයට ගොදුරු වූවන්ගේ සම්පූර්ණ හැකියාවන් සාක්ෂාත් කරගැනීමට ධනාත්මක පරිසරයක් නිර්මාණය කිරීමත්, මෙවර ‘සියල්ලන්ම ඇතුළත් ගුණාත්මක අධ්‍යාපනය’ තේමාව යටතේ සමරනු ලබයි.
සමාජීය හා වාචික සන්නිවේදන හෝ තර්කානුකූලව සිතීමේ දුර්වලතා සහිත ඔටිසම් රෝගයට ගොදුරු වූවන්ගේ ජිවිතයේ සෑම අදියරකදී ම ඔවුන්ගේ අවශ්‍යතා, යහපැවැත්ම වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන්ගේ සියලු මානව අයිතිවාසිකම් රැක ගනිමින් පූර්ණ සහ තෘප්තිමත් ජිවිතයක් භුක්ති විඳීමේ අවස්ථාව සහතික කිරීම මත ඔවුන්ගේ ආත්ම අභිමානය ලබා දීම සියල්ලන්ගේම වගකීමක් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000