English English සිංහල සිංහල தமிழ் தமிழ்

ජන කවිය හා ජන ජිවිතය

Facebook
Twitter
LinkedIn

පුද්ගල සිත් සතන් තුළ නිසඟයෙන් හට ගත් මනෝභාවයන් පොදු ජන සමාජය කෙරෙහි සමීප කරවීමට සමත් වූ ජන කවිය ජන ශ්‍රැතියේ අංගයක් ය. ජන ශ්‍රැතිය සංස්කෘතියේ අංගයක් ය. ඒ හේතුවෙන් ජන කවිය යනු ජන ජිවිතය ගැන තොරතුරු ලබා දෙන්නක් ය. ජන කවිය එක් එක් ප්‍රදේශයන්ට ආවේණික ගති ලක්ෂණ පෙන්නුම් කළ ද ජන කවියෙන් නිරූපණය වන්නේ ගැමියන්ගේ එදිනෙදා ජිවිතයේ විවිධාකාර අත්දැකීම් හා සිදුවීම් ය.
ගැමි ජීවන රටාවේ දුක , සතුට පිළිඹිබු කෙරෙන කැඩපතක් බඳු ජන කවිය සතු නිදහස් බව හේතුවෙන් අදාළ වස්තු විෂය ළයාන්විතව හා සියුම් අන්දමට ඉදිරිපත් කිරීමට ජන කවියා සමත්කම් දක්වා ඇති අතර රසවින්දනයෙහි අපූරු තෝතැන්නක් වශයෙන් ජන කවිය හැඳින්විය හැකිය.
ජන කවියට නිශ්චිත ආරම්භයක් දැක්විය නොහැකි නමුත් සමාජයේ පොදුවේ උරුමයක් වන ජන කවිය් ගැමියා මෙන්ම අව්‍යාජත්වයේ සලකුණකි.
හඳුනාගත හැකි නිශ්චිත කතුවරයෙක් නොමැති ජන කවිය නිර්මාණාත්මක සන්නිවේදනයක් ය. පැල් කවි, ගැල් කවි, පාරු කවි, පතල් කවි, කුරහන් කවි, ගොයම් කවි, නෙළුම් කවි ආදී වශයෙන් විවිධාකාර ස්වරූපයෙන් ජන කවි දැකගත හැකි ය.
ජන කවියේ එළිසමය, අනුප්‍රාසය, උපමා මෙන්ම සරල සුගම බව, මනා වූ පද ගැළපුම මත ජන කවියේ ආකර්ෂණීය බව නිර්මාණශීලිත්වය දැකගත හැකි වන්නේ ය.
ගැමියායේ අත්දැකීම්, භාව ප්‍රකාශන, රැකියාවන්,පාරිසරික හා සංස්කෘතික සන්දර්භයන් ආදීය වස්තු විෂය කර ගත් ජන කවිය අව්‍යාජ ගැමි අත්දැකීම් මත ජන ජිවිතයේ තොරතුරු පෙන්වාලයි.

කළු ගල් තලාලයි පාරට දමන්              නේ
එම ගල් පෑගිලයි ගොන් කූර ගෙවෙන්  නේ
ගොනා නොවෙයි හරකයි බට අදින්       නේ
කිරිගල් පොත්ත කන්දයි මේ නඟින්      නේ

ගැල් කරුවාට යාමට ඇති මාවත ගොරහැඬිය. පහසු ගමනක් නොවේ. ‘කළුගල් තලාලයි පාරට දමන්නේ’ යන්නෙන් මාර්ගය සැකසීම සඳහා දරා ඇති වෙහෙස මැවී පෙනෙන අතර ගමන අවසානයේ සතුටුදායක ආරංචියක් ‘කිරිගල් පොත්ත කන්දයි මේ නඟින්නේ’ යන්නෙන් කටුක ගමනක අවසාන දක්වයි.
ජන කවි අතර උපදේශාත්මක ස්වරූපයේ කවි ද දක්නට තිබේ.

ගමනක් ගොසින් එළියක් ගෙන එන්න එපා
ණයට මුදල් දී ආපසු ගන්න                    එපා
දහඩිය නොගන්වන අහරක් ගන්න      එපා
සිරුර කිස පිණිස ගොස් නැඟිටින්න      එපා

මෙහිදී ගමනක් ගියොත් රෑ වනතුරු ඉන්නට එපා ලෙසත්, ණයට මුදල් දෙන්න එපා, එසේ දෙනවා ආපසු ගැනීමට බලාපොරොත්තුවෙන් දෙන්න එපා ලෙසත් මන්ද ණයට මුදල් දීමෙන් හිතවතුන් අමනාප වන බැවින් ද, හොරකම් නොකරමින් අනුන්ට ගැති නොවෙමින් අනුන්ගෙන් යැපෙන්න එපා යැයි ද, නැඟිට සිට ශරීරකෘත්‍ය කරන්න එපා යැයි ආදී වශයෙන් ව්‍යංගාර්ථවත් උපදෙස් රැසක් ලබා දේ.

ඉන්නෙත් දුම්බරයි මහ කළු ගලක්     යට
කන්නෙත් කරවලයි රට හාලේ          බතට
බොන්නෙත් බොර දියයි පූරුවේ කළ  පවට
යන්නේ කවදාද මව්පියෝ දකින්න            ට

ජිවිතයේ දුක් කම්කටොළු විඳිමින් වැඩ කරන මිනිරන් පතලක වැඩ කළ එදවස ගැමියා විසින් තම ජිවිතයේ දුකට හේතුව ‘පූරුවේ කළ පව’ යනුවෙන් පවසමින් සිතට සහනයක් ලබා ගැනීමේ උත්සහයක නිරත වේ. දුක් සමූහයෙන් මිදී දෙමාපියන් දැකීමට ඔහු මේ සියල්ල ඉවසමින් වැඩ කරනු ලබයි.
හදවතේ උඔඅන් අව්‍යාජ සිතුවිලි තවත් කෙනෙකුගේ අස්වැසිල්ලක් උදෙසා, දැනුමුතුකම් ලබාදීමට අරභයා ජන කවිය නිර්මාණාත්මක සන්නිවේදනයක් වූ අතර එහි ගුණ සුවඳ වහනය වූයේ ජන ජිවිතයෙනි.
සමාජ පරිවර්තනකාරී තත්ත්වය හේතුවෙන් වර්තමානයේ සංස්කෘතික උරුමයක් වූ ජන කවිය ක්‍රමයෙන් අභාවයට තත්ත්වයක් දැකීමට ලැබීමට අතිශය කනගාටුවට කරුණක් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000