/
/
title icon සැමට සෞඛ්‍යය ,ලෝක සෞඛ්‍යය දිනය
සැමට සෞඛ්‍යය ,ලෝක සෞඛ්‍යය දිනය
Editor
1 year ago
Share:
සැමට සෞඛ්‍යය ,ලෝක සෞඛ්‍යය දිනය

අද ලෝක සෞඛ්‍යය දිනයයි. මිනිසා හා ඔහු හෝ ඇය විෂයෙහි ලා ඇති සියලු සබඳතා ශක්තිමත් කරන්නා වූ අනර්ඝ වූ සම්පත් වශයෙන් සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් සැලකිය හැකි ය.
ලොව උතුම්ම ධනය වන්නේ නීරෝගී බවයි.
මිනිසාගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කරමින් අද හා හෙට මනා සවියකින් යුක්ත ව සෞඛ්‍යය අභියෝගයන්ට මුහුණ දීමේ ප්‍රතිපත්තිය මත මහජන සෞඛ්‍යය කෙරෙහි සැලකිලිමත් වීම උදෙසා 1945 දෙසැම්බර් හි දී බ්‍රසීලය හා චීනය ලෝක සෞඛ්‍යය සංවිධානයක් නිර්මාණය කිරීමට යෝජනා කළ අතර එහි දිගු ප්‍රතිඵලයක් ලෙස 1948 දී එක්සත් ජාතීන්ගේ නියෝජිත සංවිධානයක් වශයෙන් ලෝක සෞඛ්‍යය සංවිධානය පිහිටුවා ගන්නා ලදී. සෑම පුද්ගලයෙකුටම හැකි උපරිම සෞඛ්‍යය මට්ටමට ඇති අයිතිය සාක්ෂාත් කරගැනීමේ මූලධර්ම මත හා ලොව රටවල් එකතු වී සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීමත් ලෝකය සුරක්ෂිතව තබා ගැනීමට හා අවදානමට ලක්වූවන්ට සේවය සඳහා ය. එලෙස ලෝක සෞඛ්‍යය සංවිධානය ආරම්භ කළ දිනය නිමිති කරගෙන අප්‍රේල් 07 වන දින ලෝක සෞඛ්‍යය දිනය ගෝලීයව සමරනු ලබයි.
සෞඛ්‍යය සඳහා වූ අයිතිය මූලික මිනිස් අයිතිවාසිකමක් ය. එබැවින් ඒ සඳහා දේශපාලන අධිකාරීන් විෂයෙහි ලා උනන්දුවක් ඇති කරවීම මෙමඟින් අපේක්ෂිත ය. ‘සැමට සෞඛ්‍යය’ යන තේමාව යටතේ මෙවර ලෝක සෞඛ්‍යය දිනය සමරන අතර ගෝලීය ජනගහනයෙන් තුනෙන් එකක් අත්‍යාවශ්‍ය සෞඛ්‍යය සේවාවන් වෙත ප්‍රවේශ වීම හැකියාව නොමැති අතර වසංගත තත්ත්ව, දේශගුණික විපර්යාසය හා ආර්ථික අර්බුද මෙන්ම කාර්‍යබහුලත්වය මත වූ තරඟකාරීත්වය හේතුවෙන් ද තමාට තම සෞඛ්‍යය සාක්ෂාත් කරගැනීමට ගැටලු ඇති වී ඇති ඇත.
කුමන හෝ රටක , ජාතියක ඉදිරි ගමන තීරණය කරන පොදු සාධකයක් වන සෞඛ්‍යය අරභයා වගකිව යුතු මෙන්ම එහි වූ වටිනාකමක් මතක කරන දිනයක් වශයෙන් ද සැලකිය හැකි ය.
මිනිසා උපත ලද මොහොතේ සිට මරණය කරා යන ගමනේ දී , විවිධ කඩයිම් වලදී ද විවිධාකාර රෝගී තත්ත්වයන් සඳහා මුහුණ දීමට සිදු වේ.
නීරෝගී අයෙක් ලෝකයට මුහුණ දීමේ දී ඊට අභ්‍යන්තර ශක්තියක් ඇති අතර ඔහු හෝ ඇය මෙන්ම ඔවුන් වටා වූ සමීපතමයන් ද ප්‍රීතියෙන් හා තෘප්තිය බහුල ව අත්විඳී. එය මිනිසාගේ හිස මත වූ අගනා වූ ඔටුන්නක් ය. එය දකින්නේ ද එහි වටිනාකම වටහා ගන්නේ වෙන කවරෙක්වත් නොව, රෝගී අයෙක් ය. එනම් මනා සෞඛ්‍යමත් දිවියක ඇති වටිනාකම දන්නේ මිනිසා රෝගී වූ විටය.
එබැවින් තමන්ගේ සෞඛ්‍යය ගැන නිසි දැනුම්වත් බවකින් මෙන්ම සෞඛ්‍යමත් දිවියක පුරුදු අනුගමනය කිරීම පුද්ගලයා සතු වගකීමක් වන අතරම රටක් වශයෙන් මනා වූ සෞඛ්‍යමත් සමාජයක් උදෙසා නිසි පියවර ගැනීම හා නිරන්තර සැලකිලිමත් බව මෙන්ම තිරසර සෞඛ්‍යය සම්පන්න සමාජයක්, රටක්, ලෝකයක් සඳහා ‘සැමට සෞඛ්‍යය’ මත වූ ප්‍රතිපත්ති උදෙසා කාලීන අවශ්‍යතාවයක් පැන නැඟී ඇත.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required