English English සිංහල සිංහල தமிழ் தமிழ்

තරුණ ගැටලු විසඳීමට උපදේශනයෙ හි අවශ්‍යතාවය

Facebook
Twitter
LinkedIn

වත්මන් සමාජයේ වූ අතිශය තරඟකාරීත්වය මත මෙන්ම විවිධත්වය ආදිය හේතු කොටගෙන තරුණ තරුණියන් විව්ධාකාර ගැටලු වලට නතු වී සිටින පසුබිමක එය රටක ඉදිරි ප්‍රගමනයට බාධා පමුණුවන්නකි. රටක තීරණාත්මක සාධකයක් මෙන්ම අනාගත අභිවෘද්ධිය උදෙසා හේතූ සාධක වන තරුණ පරපුර ගැටලු වලින් පලා යාම, ඒවා විසඳා ගැනීමට නොහැකි වීම් හේතුවෙන් සමබර මානසික තත්ත්වයකින් යුත් පුරවැසියෙක් රටට අහිමි වන්නේ ය.
ගැටලු සංකීර්ණ වෙත්ම තරුණ තරුණියන් අසරණ තත්ත්වයට පත් වන අතර එවැනි අවස්ථාවක ඔවුන්ට නිසි මාර්ගෝපදේශයක් යටතේ ඔවුන්ට සහය වීම හරහා ජීවිත සාර්ථකත්වයට පත් කරලීමට උපදේශනය මහඟු පිටිවහලක් වේ.
අපේක්ෂාභංගත්වයට පත්වීම හේතුවෙන් එය සමාජයට ම අහිතකර තත්ත්වයක් උදා වන අතර එය ප්‍රචණ්ඩත්වය කරා යන මාර්ගයේ මූලාරම්භය බවට පත් වේ. මෙලෙස එකිනෙකා අතර අන්තර් සබඳතා බිඳ වැටීමේ තත්ත්වය මත තව තවත් ගැටලු සඳහා මුහුණු දීමට තරුණ තරුණියන් ට සිදු වනු ඇත.
එබැවින් උපදේශනය පිළිබඳ මනා දැනුමැති උපදේශකවරුන්ගේ සක්‍රීය ක්‍රියාකාරීත්වය අත්‍යාවශ්‍ය අංගයක බවට පත් වී ඇත. උපදේශනය උදෙසා උපදේශකවරුන්ට පමණක් නොව දෙමාපියන් , සම වයස් කණ්ඩායම් හා ජනමාධ්‍ය විසින් ඉටු කළ යුතු වැදගත් කාර්‍යභාරයක් පවතී. ඔවුන් තනි නොකළ යුතු ය. ඔවුන්ට සමාජයේ ඇති ගරුත්වය, පිළිගැනීම මෙන්ම සුරක්ෂිතභාවය සහතික කරමින් ඔවුන් අරභයා විශ්වාසයක් ඇති කිරීම මත මනා පෞරුෂයකින් යුත් තරුණ පරපුරක් රටට දායාද කලැ හැකි වන්නේ ය.
වර්තමානයේ ප්‍රේම සබඳතා , පවුල් ආශ්‍රිත විවිධාකාර ප්‍රශ්න හා අධ්‍යාපනික පීඩනය මත ඇති වන්නා වූ ගැටලුකාරී තත්ත්වයන් මත විඳ දරා ගැනීමේ මානසික තත්ත්වයන් පහව යමින් ජිවිතය පිළිබඳ වූ දැඩි අප්‍රසාදය , කළකිරීම මත සියදිවි හානිකර ගැනීමේ ප්‍රවණතාවයක් ජනමාධ්‍ය හරහා දක්නට ලැබෙන අතර එවැනි පුළුල් ජනමාධ්‍ය ආවරණයක් මේ සඳහා ලැබීම හේතුකොටගෙන මෙලෙස ගැටලු වලට මුහුණ දී ඇති තවත් පාර්ශව මේ සඳහා වක්‍රාකාරයෙන් යම් පෙළඹවීමක් ජනමාධ්‍ය හරහා ද සිදු කරනු ලබයි. එබැවින් ජනමාධ්‍ය සතු සමාජ වගකීම හා වගවීම අතිශය තීරණාත්මක ය.
නමුත් රටක අනාගත පරම්පරාව මෙලෙස ගැටලු හේතුවෙන් මානසික තත්ත්වය ඍණාත්මක වීම වළක්වා ගැනීමට; ඵලදායී ව ජීවත් වීමට අවශ්‍ය කුසලතා ළඟා කර දීම සඳහා උපදේශනය ඉතා වැදගත් ය. ඉන් ආත්ම අවබෝධය තුළින් තම ඍණාත්මක පැතිකඩ නිෂේධනය කර ගනිමින් ධනාත්මක පෞරුෂයකින් යුක්තව ඵලදායී පුද්ගලයෙක් වීම තුළ එකී ප්‍රගතිය මත සිය දිවිය නිවැරදි මාර්ගයකට ගෙන යාමට ඉඩහසර ලබා දේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000