
ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර ලක්ෂ 20 ක දෙවන තොගය මුදා හැරීම සඳහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අද අනුමැතිය ලබාදුන්නා. ඒ සාම්පල පරීක්ෂාවෙන් අනතුරුවයි.
ලක්ෂ 20 ක අදාළ බිත්තර තොගය මෙරටට රැගෙන එනු ලැබුවේ පසුගිය මාර්තු 29 වනදා වන අතර, අනුමැතිය ලබාදීම සඳහා දින 10 ක පමණ කාලයක් ගත වී තිබෙනවා.
අනුමැතිය හිමිවීමෙන් අනතුරුව, එම ලක්ෂ 20 ක බිත්තර තොගයේ බෙදා හැරීම් කටයුතු ආරම්භ කෙරුණා.
මේ අතර තවත් ආනයනික බිත්තර තොගයක් රැගත් නෞකාවක් අද කොළඹ වරායට පැමිණියා.
එම බිත්තර පරික්ෂාව සඳහා සාම්පල ලබාගැනීම අද දිනයේම ආරම්භ කළ බවයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හේමාලි කොතලාවල කියා සිටියේ.
ඒ අනුව, එලෙස ලබා ගන්නා සාම්පල බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත සහ පේරාදෙණිය පශු වෛද්‍ය කාර්යාලය වෙත යොමු කිරීමට නියමිතයි.
දින 4 ක් තුල එම සාම්පල පරීක්ෂාව පිළිබඳ වාර්තා වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය වෙත ලබාදෙන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හේමාලි කොතලාවල ප‍්‍රකාශ කළා.