
නියමුවා ඉදිරියේ පිහිටි වීදුරුවක් ඉරිතලා යාම නිසා ඩුබායි බලා පියාසර කරමින් තිබූ ශ‍්‍රී ලංකන් ගුවන් යානයක් යළි කටුනායක ගුවන් තොටුපලට ගොඩබස්වා තිබෙනවා.
පෙරේදා පස්වරු 6.25 ට පිටත්වීමට තිබූ මෙම ගුවන් යානය අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ඊයේ පෙරවරු 9.30ට පමණ කටුනායකින් පිටව ගොස් තිබුණා.
එහෙත් වීදුරුව පුපුරා යාම නිසා පැයයි මිනිත්තු 10 කට පමණ පසු නැවත එය කටුනායක ගුවන් තොටුපලට ගොඩබැස්සවූ බවයි ගුවන් තොටුපල අප වාර්තාකරු ප‍්‍රකාශ කළේ.
මෙම යානයේ මගීන් 189 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකු ගමන් කර තිබෙනවා.